රොහින්ග්‍යා ඝාතනය හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාට සත් වසරක සිරදඬුවම් රාජ්‍ය රහස් සම්බන්ධ නීති උල්ලංඝණය කළ බවට එල්ල වූ චෝදනාවට වරදකරුවන් කරමින් මියන්මාර විනිසුරුවරයකු අද (3) රොයිටර් පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනකුට වසර හතක සිර දඬුවමක් නියම කළේය. 03 September 2018
දැවෙන විහඟුන්ට ප්‍රදර්ශන සහතික දෙකක් දීමට එරෙහි පෙත්සම 17ට කල්යයි දැවෙන විහඟුන් චිත්‍රපටය සඳහා රැඟුම් පාලක මණ්ඩලෙයන් ප්‍රදර්ශන සහතික දෙකක් ලබා දීමට ගෙන ඇති තීරණය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එම චිත්‍රපටයේ ප්‍රදාන නිළිය වන අනෝමා ජනාදරී මහත්මිය ගොනු කළ රිට් පෙත්සම මේ මස 17 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (03) දින නියම කළේය. 03 September 2018
කෙරවලපිටිය චීනයට දීම නවත්වන්නැයි ඉල්ලූ පෙත්සම කල්යයි කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් 17 වැනිදා සලකා බැලිමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) නියෝග කළේය. 03 September 2018
දකුණේ කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවීම අත්හිටුවන්න නියෝග දකුණු පළාත් රාජ්‍ය කළමනාකරණ සේවයේ අධි ශ්‍රේණියේ පුරප්පාඩු පිරවිම ඔක්තෝබර් 31දක්වා අත් හිටුවමින් දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම්වරයා වෙත අද අතුරු ආඥාවක් නිකුත් කළේය. 03 September 2018
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කරන්න යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ රෙගුලාසි සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 03 September 2018
යුද උපකරණ ළඟ තියාගත්තැයි කොටි සාමාජිකයන් 8කට අධි චෝදනා මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, පැති බෝම්බ, මැග්නට් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් ළඟ තබාගත් බව කියන කොටි සාමාජිකයින් අට දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත. 03 September 2018
අතුරුදන් වූවනගේ සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමේ යෝජනාවක් අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට නිල රථයක් දීම හා එහි සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමට අදාළ යෝජනාවක් අඟහරුවාදා (4) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. 03 September 2018
‘ඒකාබද්ධය දවල් සිහින දකිනවා’ මහජන උද්ඝෝෂණයක් පවත්වා කොළඹ වැටලීමෙන් ආණ්ඩුව පෙරළිය හැකි බවට ඒකාබද්ධ විපක්ෂය දවල් සිහින දකිමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 03 September 2018
‘උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ කණ්ඩායමක් සුදානම්‘ කොළඹ නගරයේදී පවත්වන සාමකාමී උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට ආණ්ඩුවේ කණ්ඩායම් සූදානමින් සිටින බවට තොරතුරු ලැබී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (03) පැවසීය. 03 September 2018
රැලියට එන එක නවත්වන්න නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කරලා ජන බලය කොළඹට එන එක වළක්වන්න ආණ්ඩුව සමෘද්ධි නිලධාරීන්ගේ හා කෘෂි පර්යේෂණ නිලධාරීන්ගේ නිවාඩු අහෝසි කර ක්ෂේත්‍ර රාජකාරිත් තහනම් කරලා යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය. 03 September 2018
‘මුළු කොළඹම වටලා අලුත් ආණ්ඩුවක් අරං ගෙදර එනවා’ - පවිත්‍රා ජනතාවගේ පෝර සහනාධාරය කප්පාදු කරන, රටේ ආර්ථික සම්පත් විකුණන, වැඩබැරි ආණ්ඩුව ගෙදර යවන්න ඕනෑයි හිතන මහින්ද මහත්තයාගේ නායකත්වය පිළිගන්න සියලූම ජනතාව සමඟ කොළඹට පැමිණ කොළඹ වටලා අලූත් ආණ්ඩුවක් අරං ගෙදර එන බව 03 September 2018
දෙකෝටි අසූලක්ෂයක විදේශ මුදල් සමඟ ලාංකිකයෙක් රේගුවේදී අල්ලයි දෙකෝටි අසූ ලක්ෂයක් ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (03) දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ. 03 September 2018
‘ඒකාබද්ධයේ උද්ඝෝෂණය සාමකාමී එකක් පොලිස්පති බියවිය යුතු නෑ’ ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය අහිංසක එකක් බවත් ඒ පිළිබඳව පොලිස්පතිවරයා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැති බවත් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පැවැසීය. 03 September 2018
රජරට කිරි ගොවියෝ කිරිපිටි සමාගමේ ප්‍රාදේශීය කාර්යාලය වටලති ප්‍රසිද්ධ කිරිපිටි සමාගමකට සපයන ලද කිරි සදහා ලැබිය යුතු මුදල් ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවින් දහසකට අධික පිරිසක් අද (03) එම ආයතනයේ අනුරාධපුර ප්‍රාදේශිය කාර්යාලය වටලා එහි නිලධාරින් සිර අඩස්සියට ගත්තේය. 03 September 2018
පන්තිභාර ගුරුවරිය නැතැයි දඹුල්ලේ පාසලක පළමු වසරේ සිසුන් ආපසු හරවා යවලා තුන්වැනි පාසල් වාරය ආරම්භක දිනයේම දඹුල්ල ප්‍රදේශයේ විදුහලක පළමු ශ්‍රේණිය (ඒ) පන්තියේ දරුවන් පාසල් නොමැතිව නැවත නිවසට හරවා යැවීමේ පුවතක් වාර්තා විණි. 03 September 2018
‘ඒකාබද්ධය සමඟ එක්ව ඇතැම් මාධ්‍ය දැගලූවද ආණ්ඩුවේ මයිල් ගහක්වත් හෙළවීමට බෑ’ ‘ඒකාබද්ධ විපක්ෂය සමඟ එක්ව ඇතැම් මාධ්‍ය දැගලූව ද ආණ්ඩුවේ මයිල් ගහක්වත් හෙළවීමට නොහැකි’ යැයි මුදල් හා ජනමාධය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. 03 September 2018
බදාදා පාර්ලිමේන්තුව නොපැවැත්වීමට හේතුවක් නෑ එළඹෙන බදාදා (5) සහ බ්‍රහස්පතින්දා (6) දිනවල පාර්ලිමේන්තුව නොපැවැත්වීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැතැයි කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි. 03 September 2018
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස හේමසිරි ප්‍රනාන්දු පත් කෙරේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස මහජන බැංකුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. 03 September 2018
බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරු සිව් දෙනාට ඇප ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණයක් අතුරතුර රාජ්‍ය දේපළවලට හානි කළැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයේ පෙනීසිටි භික්ෂූන් වහන්සේ සිව් නමක් රුපියල් ලක්ෂ එකහමාරක ශරීර ඇපයක් මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (3) නියෝග කළාය. 03 September 2018
ව්‍යාජ මුදල් නෝට්ටු 13 ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට පිටකොටුව බැස්ටියන් මාවතේ දී රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු 13 ක් සමග පුද්ගලයකු අද (03) පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 03 September 2018
නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් ඇතුළු තිදෙනා රිමාන්ඩ් වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය. 03 September 2018
හෙරොයින් ළඟ තබාගත් බන්ධනාගාර නියාමක රිමාන්ඩ් හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අක්මීමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බන්ධනාගාර නියාමකවරයකු සැප්තැම්බර් 5 වැනි දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමට ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය. 03 September 2018
පාන් ගෙඩියක් රුපියල් 5 කින් ඉහළට පාන් ගෙඩියක මිල අද (03) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 05 කින් ඉහළ දමන බව සමස්තලංකා බේකිරි හිමියන්ගේ සංගමය පවසයි. 03 September 2018
පොරවෙන් ගසා පුද්ගලයකු ඝාතනය කරයි දෙනියාය පොලිස් බල ප්‍රදේශයට අයත් බෙලිඅත්ත කුඹුර ,කොළවෙනිගම ප්‍රදේශයේ පුද්ගලයෙකු පොරවෙන් ගසා අද (02) පස්වරු 5.00 ට පමණ ඝාතනය කර ඇතැයි දෙනියාය පොලිසිය කියයි . 02 September 2018
ලක්ෂ 10 ක ටැමඩෝල් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ටැමඩෝල් පෙති හයදහසක් සමඟ ජාඇලදී පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 02 September 2018
ඒකාබද්ධයේ රැළියේ දී මහජන සාමයට බාධා කළොත් නීතිමය ක්‍රියාමාර්ග කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණයේදී ජන ජීවිතයට හා මහජනතාවගේ සාමායට බාධා ඇති කළහොත් සුදුසු උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස්පති පුජිත ජයසුන්දර මහතා පැවසීය. 02 September 2018
පෞද්ගලික බස් වලට විශේෂ චාරිකා තහනම් කරන්නේ විරෝධතාවට බයවෙලා ජනතාව කොළඹට ගෙන ඒමට ඒකාබද්ධ විපක්ෂය සුදානම් වන නිසා ඊට බිය වී සිටින ආණ්ඩුව 01 වැනිදා සිට 08 වැනිදා දක්වා බස්නාහිර මාර්ග බලපත් හිමි පෞද්ගලික බස් වලට විශේෂ චාරිකා තහනම් කිරීම විකාරයක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 02 September 2018
වැඩි සිසුන් පිරිසකට 5 සමත් ශිෂ්‍යාධාර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ගේ ශිෂ්‍යාධාර පිරිනමන සිසුන් ප්‍රමාණය දෙගුණයකින් වැඩි කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර ඇත. 02 September 2018
රාජ්‍ය සේවයේ සංයුක්ත දීමනාව ඉහළට රාජ්‍ය සේවකයන්ට ලබාදෙන සංයුක්ත දීමනාව (සේවා ස්ථානයෙන් බැහැර සේවා දීමනාව) රුපියල් 700 සිට රුපියල් 1000 දක්වා වැඩිකර තිබේ. 02 September 2018
ආවා කල්ලියේ නායකයා හඳුනාගනී යාපනය අර්ධද්වීපයේ සමාජ විරෝධී අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ ආවා කල්ලියට මේ වනවිට නායකත්වය සපයන්නේ එම කල්ලියේ ආරම්භක නායකයා වන කුමාරේසරත්නම් විනෝදන් හෙවත් ’’ආවා’’ යැයි බුද්ධි අංශ මගින් අනාවරණය කරගෙන තිබේ. 02 September 2018
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026