සා.පෙළ විභාග රාජකාරි යන ගුරුවරු කොවිඩ් එන්නත ඉල්ලති
කොවිඩ්-19 වසංගත අවදානම් තත්වය හමුවේ මෙවර සාමාන්‍යපෙළ විභාග රාජකාරිවල නිරත වන 46,000ක් පමණ ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල සඳහා එන්නත ලබාදීමට වහා මැදිහත් වන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා ප්රමුඛ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ලංකා ගුරු සේවා සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ගමගෙදර දිසානායක මහතා අද (24)දා පැවසීය.