(නිමන්ති රණසිංහ)
අනුරාධපුර බන්ධනාගාරයට කඩා වැදී එල් ටී ටී ඊ සැකකරුවන් රදවා ඇති සිරමැදිරිය ගොස් එහි සිටි රැදවියන්ට ගිනි අවියක් පෙන්වා මරණීය තර්ජනය කළැයි චෝදනා එල්ලවන ලොහාන් රත්වත්තේ මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය රජයට බලකර ඇත.
දෙමළ ජාතික ජනතා පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන් පොන්නම්බලම් මහතා සිය ට්විටර් ගිණුම ඔස්සේ මෙම ඉල්ලීම කර තිබේ.
සිරකරු දිනය පැවැති ඉකුත් ඉකුත් 12 වැනිදා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුලු වී දෙමළ ජාතික දේශපාලන රැඳවියන් දෙදෙනකු ඔහු ඉදිරියේ දණ ගස්වා ඔවුන්ට මරණීය තර්ජනය කළ බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමේ සඳහන් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩාවැදුණේ නැහැ... ගේට්ටුවෙන් ඇතුල් වුණේ.. අදාළ ඇමැති ඇතුළු වුණේ ගේට්ටුවෙන් නිසා මක්කටැයි අත්අඩංගුවට ගන්නේ? නිරායුධ පොලිස් නිලධාරීන් මරාදාපු අය තමයි අත්අඩංගුවට ගන්න ඕනේ මුලින්ම...!!!
හොඳයි, එහෙම කළ එක වැරැදියි කියමුකෝ... අර ඒකාලේ ඔහෙගේ පැළැන්තිය හිරේ හිටපු අයගේ රුධිරයත් බලෙන් පොම්ප කරගෙන ඝාතනය කළ ඒවා නීත්‍යානුකූල ඇති නේද? අනේ යන්න... මානව හිමිකම් රැකපු මිනිස්සු...
සම්බන්දන්ට කියන්න ඉස්සෙල්ලාම පොලිස්සියේ පැමිණිලි කරන්න කියලා.