(යොහාන් භාසුර)
බන්ධනාගාර කළමනාකරණ හා සිරකරු පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වූ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිසක් වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වෙත බීමත්ව ගොස් කලහකාරී ලෙස හැසුරුණේ යයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් එම බන්ධනාගාර පිහිටි ප්‍රදේශවල පොලිස් ස්ථානවලට අද (15) පෙරවරුව දක්වා එම සිද්ධි සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා ලංකාදීපයට පැවැසීය
මෙම සිද්ධි දෙක සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇතැයි ද අද පෙරවරුවේ පරික්ෂා කළ බව ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් කීය.
මෙම සිද්ධියෙන් දෙක සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට සූදානමක් තිබේද යන්න පිළිබඳව කළ විමසුමදී නිහාල් තල්දුව මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෑජ්ජයි අම්මපා ඔබලා ගෑන ඉල්ලා අස්වෙන්න
ඇයි ඒහෙනම් අස් වුනේ
රස්සාව බේරගන්න බොරු කියනවා
පැමිණිලි එනකල්ම බලාන ඉන්න ඇසුත් කණුත් වහගෙන.
දිව්‍ය ලෝකේ පොලිස්සියේ පැමිණිලි පොතට..... සැමදා ගුල්ලෝ විදිනව බව නොදන්නේද...... එබැවින් මුන්දෑ කිව් දෙය නිවැරදි නොවේද........ බැලුවොත් නරකද අපායේ පොලිස් පොත........
ඒතකොට රැදවියන්ද පැමිණිලි කරනන ඔන
මේ වගේ දේවල් වෙන්න දෙන්න බැහැ
පැමිණිලි කරනන කවුරුත් නැතුව ඇති
සිරි ලංකාවේ පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක ගැහැණු, පිරිමි දෙකටම අදාළ නොවන කෙනෙක් බව දැනගත්තේ දැනුයි.
පැමිණිල්ලක් නැතිනම්, මෙහෙම කියපු අයගෙන් ගෙනැල්ලා ප්‍රශ්න කරන්න... බබ්බු වෙන්නේ නැතිව. නුඹලා ඉන්නේ රටේ ප්‍රශ්නයක්, රටට අපකීර්තියක් වෙන දෙයක් වුණොත් හොයලා බලන්න. පැමිණිල්ලක් එනකල් ඉන්නේ බම්බුවකටද? චෝදනාව වැරැදි නම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා ඕවා කියපු එකයි, මාධ්‍යවල දාපු අයයි අල්ලනවා. එහෙම නැතිනම් ඇමැතියා ඇතුළු නඩයක් වැරැදි කරලා තියෙනවා නම් ඔවුන් අල්ලලා හිරේ දානවා. දෙකෙන් එකක්වත් කරන්න බැරි නම් කෝට් බෑය ගලවලා ගෙදර යනවා...
රෙදි ඇදලාද ඉන්නේ....?
හිරේ ඉන්න හිරකාරයෝ කොහොමද පොලිසියට යන්නේ පැමිණිලි කරන්න? ඇමැතිවරු වුණාම මේ අසීරු අවස්ථාවේ රටේ ජනතාවගේ ජීවිත බේරාගන්න කටයුතු කරන්නේ නැතිව, පාටි දමලා බිලා විකාර කරනවා..
දෙමළ ජාතික සංවිධානය රජයෙන් ඉල්ලනවා බන්ධනාගාරයට කඩා වැදුණු ලොහාන්ව අත්අඩංගුවට ගන්න කියලා. එම ඉල්ලීම මාධ්‍යවල ඵලවී තිබියදී ඔහොම බොරු කියන්න ලැජ්ජා නැද්ද මහත්තයෝ..?
අනුරාධපුර හිරගෙට වැදී සිරිකරුවන්ට තර්ජනය කිරීම හෙලාදකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හානා සිංගර් පැවසූ බවක් මාධ්‍යයේ පලවෙනවා. රටට හානිකර එවැනි දෙයක් පැමිණිලි නැතැයි කියා වහන්න හැදීම සුදුසු යැයි සිතිය හැකිද?
මේ නාට්‍යයේ නම මොකක්ද? අලි බබා සහ හොරු හතලිහද? නැත්නම් නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගෙ කියන එකද?
මෙහෙමත් කොන්ද පණ නැතිකමක්..!
මේ යටහත් පහත් ගති ,වහල් නිලධාරීන් පාලකයිනේ සපත්තු ලෙවකන, සත්‍ය ප්‍රකාශ කිරීමට කොන්ද පන නැති ,නකුට වන වන ඉන්න එවුන් නොවී, තම තනතුරින් ඉවත් වුනා නම් රටට ලොකු සහනයක් .
තවත් දත්ත මැකී යාමක්
පොලීසියේ හැසිරීම පුදුමයක් නොවේ 1972 න් පසුව ව්‍යවස්ථා හදලා තියෙන්නේ රාජ්‍ය සේවකයින් ආණුඩුවට පක්ෂපාතීව වැඩ කරන්න.
රට පත්වෙලා තියෙන අවාසනාවන්ත කමක්
දුෂිත දේසපාලුවට බය වෙලා.ජොබ් එක ගහලා යයි කියලා . මෙයා මොනව කිව්වත් වෙච්ච් දේ රටම දන්නවා.
බල්ලට ගිය පොලිසිය
යටට ඇදලද ඔබ තුමා..
මෙතන කයිය ගහන විපරමා ඔය සිද්දිය ඇසින් දැක්කත් පැමිණිලි කරනවද ?