මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකය විවෘත කරයි ශ්‍රී ලංකා ජාතික රෝහල් පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකළ මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද පෙරවරුවේ විවෘත විය. 29 July 2021
ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත කෙරේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය (PMC) ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ විවෘත කෙරිණි. 29 July 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණයට එරෙහි වාරණය දික් කරයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය විධිමත් කාර්ය පටිපාටියක් සකස් නොකර පවත්වන්නට යෑමට එරෙහිව දින දාහතරකට බලපැවැත්වෙන ලෙස ඉකුත් ජුලි 16 වැනිදා මොරටු දිසා අධිකරණය නිකුත් කළ තාවකාලිකව අත්හිටුවීමේ වාරණ නියෝගය අගෝස්තු පස්වැනිදා දක්වා යළි දීර්ඝ කරන ලෙස මොරටුව දිසා විනිසුරු දමින්ද රාමනායක වැලිගොඩපිටිය මහතා අද නියෝග කළේය. 29 July 2021
උද්ඝෝෂණවලට නීති ක්‍රියාමාර්ග ගන්න එම්.ඕ.එච් නිර්දේශ උද්ඝෝෂණ හෝ මහජන ඒකරාශී වීම්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මින් ඉදිරියට නිර්දේශ ඉල්ලා සිටියහොත් එම නිර්දේශ ලබාදීමට තීරණය කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 29 July 2021
වෙළෙඳපොළේ කිරිපිටි හිඟයක්? ශ්‍රී ලංකාව තුළ දැඩි කිරි පිටි හිඟයක් ඇති වීමෙන් පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 29 July 2021
ගුවන් ගමන්වලට තිබූ සීමාවක් ඉවත්කරයි ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් යානාවක රැගෙන ආ හැකි එන්නත්කරණය සම්පූර්ණකළ මගින් සංඛ්‍යාව සඳහා වූ සීමා ඉවත්කිරීමට රජය පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටී. 29 July 2021
දඹුල්ල නගරය යළි අවදානම් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සහ දඹුල්ල නගරය අවට කොරෝනා පැතිරීමේ දැඩි අවධානම් තත්වයක් පවතින බව දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා පවසයි. 29 July 2021
මුදල් අවභාවිතාවක් ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අංශයක් ස්ථාපනය කිරීම සඳහා කොල්ලුපිටිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලියට ගැනීමේදී සිදුවී ඇතැයි කියන මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝපා කමිටුව )දැඩි අප්‍රසාදය පළ කර ඇත. 29 July 2021
රෝහල් 15කට සූර්ය පැනල රජයේ රෝහල්වලට විදුලි උත්පාදනය සඳහා සූර්ය පැනල ලබාදීමට රජය තීරණය කර ඇති අතර එහි පළමු අදියර ලෙස තෝරාගත් රෝහල් 15 කට සූර්ය පැනල ලබාදීමට නියමිතය. 29 July 2021
ඩෙල්ටා පරීක්ෂණ ලබන සතියේදී යළි ඇරඹේ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ පරීක්ෂණ ඉදිරි සතියේදී යළි අරඹන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 29 July 2021
පාසල් සිසුන්ට ෆයිසර් හෝ මොඩර්නා මෙරට වයස අවුරුදු 12 - 18ත් අතර පාසල් දරුවන්ට ද කොවිඩ් මර්දන එන්නත ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසීය. 29 July 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට 3 වැනිදා ඇන්ටිජන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වෙනුවෙන් කොරෝනා ඇන්ටිජන් පරීක්ෂණ වටයක් ලබන 3 වැනිදා සංවිධාන කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය. 29 July 2021
මුදල් සංශෝධන කෙටුම්පතේ යෝජිත සංශෝධන ලේඛනය අධිකරණයට මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මුදල් සංශෝධන පනත් කෙටුම්පතට සිදුකිරීමට යෝජිත සංශෝධන අඩංගු ලේඛනයක් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළේය. 29 July 2021
ඇමති විමල් ස්වයං නිරෝධායනයේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ආරක්ෂක අංශයේ සේවය කරන පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා අමාත්‍ය විමල් වීරවංශ මහතා ද අද (29) සිට ස්වයං නිරෝධායනයට යොමුවී ඇත. 29 July 2021
ජලජ ගුවන් ධාවන පථ 150ක් හඳුනාගැනේ දිවයිනපුරා සංචාරක ආකර්ෂණය ඇති නව ජලජ ගුවන් ධාවන පථ පිහිටුවිය හැකි ස්ථාන 150 ක් හදුනා ගෙන ඇතැයි සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 29 July 2021
ඇස්ට්‍රාසෙනිකා දෙක ගන්න අයට ප්‍රමුඛතාවය ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තොගය ලබන සෙනසුරාදා ලැබුණු පසු එම එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගැනීමට සිටින පිරිසට විශේෂ ප්‍රමුඛත්වය දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. 29 July 2021
සතොසේ ගොඩනැගිලි කුලියට දීමේ අර්බුදයක් සතොස ගොඩනැගිලි කුලියට දීමේදී ලංකා සතොසට පමණක් කුලියට දිය යුතු බවට වෙළෙඳ අමාත්‍යංශය සීමා පැනවීම නිසා එහි ගොඩනැගිලි රැසක් කුලියට දීමට නොහැකිව හිස්ව ඇති නිසා එම ආයතනයේ ආදායම පහත වැටී ඇතැයි සේවකයෝ පවසති. 29 July 2021
ආයතන රැසක් රජයට කෝටි දෙදහසක් පොලු තියලා ආයතන රැසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙදහස් පනස් දෙකකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ. 29 July 2021
ළමා අපයෝජන ගැන ළමා අධිකාරියෙන් හෙලිදරව්වක් ළමා අපයෝජන සහ අඩන්තේට්ටම් සම්බන්ධයෙන් පැමිණිලි හාර දහස් හත් සියයක් (4700) පමණ පසුගිය මාස හයේදී ලැබී ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා ලංකාදීපයට පැවැසීය. 29 July 2021
කාබනික නිෂ්පාදන අළෙවි කරන්න සුපිරි වෙළෙඳසල් ‘වස විසෙන් තොර’ ආහාර ජනතාවට ලබාදීමේ රජයේ වැඩපිළිවෙළට සහාය දක්වමින් කාබනික නිෂ්පාදන පමණක් අළෙවි කරන සුපිරි වෙළෙඳසල් ජාලයක් ‘හරිත සුපිරි වෙළෙඳසල්’ (සතොස ඕගනික් සුපර්මාර්කට්) ලෙස ස්ථාපිත කිරීමට වෙළෙඳ අමාත්‍යංශය පියවර ගෙන තිබේ. 29 July 2021
ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් පසුගිය වසර හා සසඳන විට මෙම වසරේ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. 29 July 2021
පළාත් අතර මගී ප්‍රවාහන සේවා ලබන 1 වැනිදා ඇරඹේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ පෞද්ගලික අංශයේ බස්රථ සීමිත ප්‍රමාණයක් පළාත් අතර මගී ප්‍රවාහන කටයුතු සඳහා විවිධ කොන්දේසි යටතේ ලබන 1වැනිදා සිට යෙදවෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවැසීය. 29 July 2021
සුරාබදු නිලධාරින් 48කට අල්ලස් දුෂණ චෝදනා අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 48 දෙනෙකු පසුගිය කාලයේදී (2020වසර වන විට) වැඩ තහනමට ලක්ව ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අලුත්ම වාර්තාවක සඳහන් වේ. 29 July 2021
“රට ගොඩගන්න 20වන සංශෝධනය අහෝසි කළ යුතුයි ’’ රට ගොඩනැගීමට නම් අනිවාර්යයෙන්ම 20 වන සංශෝධනය අහෝසි කළ යුතුයැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 29 July 2021
සෞඛ්‍ය අංශ ප්‍රධානියා උද්ඝෝෂකයන්ට කළ ආරාධනය උද්ඝෝෂණය හේතුවෙන් කොරෝනා පැතිර යෑමේ අවදානමක් පවතින හෙයින් උද්ඝෝෂණවලින් වැළකී සිටීමට අදාළ පාර්ශ්ව අවධානය යොමු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය. 29 July 2021
රිෂාඩ්ගේ නිවසේ සේවයේ සිටි 11 දෙනාගෙන් 5 දෙනකුගෙන් ප්‍රකාශ ගනී හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාගේ නිවසේ 2010; වසරේ සිට මෙහෙකාර සේවයේ නිරතව සිටි බව කියන කාන්තාවන් එකොළොස් දෙනාගෙන් 5දෙනෙකුගේ ප්‍රකාශ ඊයේ දිනය තුළ ලබා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 29 July 2021
පාපන්දු සම්මේලනය ඇතුළු ආයතන හතරක් ලබන සතියේ කෝප් කමිටුව හමුවට විවිධ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව යන ආයතනවල ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට (කෝප්) ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවැසීය. 29 July 2021
අන්තර් ජාලයට වැරදි දේ දමන අය අල්ලන්න මෙහෙයුමක් දරුවන් ඉලක්කකර අශිෂ්ට අසභ්‍ය දර්ශන ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 29 July 2021
වැස්ස අඩු වෙයි පසුගිය දිනවල පැවති වැසි තත්වයේ අඩුවක් අද (29) දිනයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 29 July 2021
තිබ්බේ මුවාට වැදුණෙ සෙබළට අම්පාර ඉගිනියාගල නාමල්තලාව කැලෑ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දඩයමේ ගිය හමුදා සෙබලකු වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් ඔහු සමඟ දඩයමේ ගිය 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඉඟිනියාගල පොලීසිය කියයි. 29 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026