(ඩයනා උදයංගනී)

මෙම වසරේ පළමු දින 29 ක කාලයේදී සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඉන් සංචාරකයන්ගෙන් 12,368 දෙනෙකුම පැමිණ ඇත්තේ රුසියානු සමුහාන්ඩුවෙන් වන අතර ඉන්දියාවෙන් 11,028 දෙනෙකු සහ යුක්රේනයෙන් 7,427 දෙනෙකු පැමිණ ඇතැයි ඇමතිවරයා සඳහන් කළේය.

එම කාලයේදී එක්සත් රාජධානියෙන් සංචාරකයන් 6,929 දෙනකු, ජර්මනියෙන් 4,902 දෙනකු, ප්‍රංශයෙන් 3,337 මෙරටට පැමිණ තිබෙන බව ඇමතිවරයා කීවේය.

මීට අමතරව පෝලන්තය, ඕස්ටේ්‍රලියාව, මාලදිවයින හා කසකස්ථානය යන රටවලින් ද සංචාරකයන් පැමිණ ඇත.

පසුගිය වසරේ මෙරටට පැමිණි මුළු සංචාරකයන් සංඛ්‍යාව 194,495 ක් වන අතර එම ජනවාරි මාසයේ පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682 දෙනකු පමණක් බව ඇමතිවරයා පැවසීය.

මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 11 කට වැඩි ප්‍රමාණයක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද ප්‍රසන්න රණතුංග මහතා කීවේය.