(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එළඹෙන ඕස්ට්‍රෙිලියා සංචාරයට සහභාගි වීමට නියමිතව සංචිතයට ඇතුළත්ව සිටින නුවන් තුෂාර සහ ක්‍රිකට් අභ්‍යාසක ඩිල්ෂාන් ෆොන්සේකා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

ක්‍රීඩකයා සහ අභ්‍යාසකවරයා ‘කොවිඩ්’ ආසාදිතයන් බව පීසීආර් පරීක්‍ෂණයෙන් තහවුරු වී ඇති බවත් ඔවුන් ‘ජෛව ආරක්ෂිත බුබුලක’ සිටීම නිසා නිරෝධානයෙන් පසුව පෙබරවාරි මස 10 වැනිදා නැවත සංචිතයට එකතු වන බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචිතයේ සෙසු පිරිස පෙරවාරි මස 3 වැනිදා ඕස්ටේ්‍රලියාව බලාපිටත්ව යෑමට නියමිතය.