ඉෂාලිනීගේ දේහය ගොඩගැනේ රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියගිය ‘ඉෂාලිනී’ දැරියගේ සිරුර ගොඩ ගැනීම අධිකරණ නියෝගයක් අනුව අද (30) සිදුකෙරිණි. 30 July 2021
ඡන්ද නීති හදන මැතිසබා කමිටුව ලබන මාසයේ දින හතරක් රැස්වීමට තීරණ මැතිවරණ නීති සංශෝධනය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන මාසයේ දින හතරක් රැස්වීමට තීරණය කළ බව එහි ලේකම් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය . 30 July 2021
පාර්ම් ඔලේන් ගෙන්වීමේදී රජයට කෝටි613ක පාඩුවක් මෙරට ප්‍රධාන පෙළේ පාම් ඔයිල් ආනයනය කරන සමාගම් දෙකක් පාම් ඔලේන් නැමැති තෙල් වර්ගය නිවැරදි කාණ්ඩ සංයෝජිත වර්ගීකරණ අංකයක් යටතේ නිෂ්කාශනය නොකිරීම නිසා රජයට රුපියල් කෝටි 613ක පාඩුවක් සිදුවී ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ. 30 July 2021
ඉන්දීය කණ්ඩායමේ යුෂවේන්ද් - ක්රිෂ්නප්පාටත් ‘කොවිඩ්’ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන යුෂවේන්ද්ර චාහල් සහ ක්‍රිෂ්නප්පා ගෞතම් යන ක්‍රීඩකයන් ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියකු පැවසීය. 30 July 2021
“හෙට වුනත් පක්ෂය මාරු කිරීමට සූදානම්’’ තමන් පක්ෂ මාරු කරත් කිසිවිටෙක ප්‍රතිපත්ති මාරු නොකළ බවත් හෙට අවශ්‍ය නම් හෙටත් තමන් දැන් සිටින පක්ෂය මාරු කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා කොළඹදී පැවසීය. 30 July 2021
වෛද්‍ය ජයරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුවඅතට කොරෝනා ආසාදනයවූ ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාගේ සෞඛ්‍ය තත්වය යහපත් බව වාර්තා වේ. 30 July 2021
“රෝහල් පවිත්‍රතා සේවා කොන්ත්‍රාත්තුවේ ටෙන්ඩර් කොන්දේසි කඩ කරලා’’ රෝහල් පවිත්‍රතා සේවා කොන්ත්‍රාත්තුව (2021-2022) මූලික ටෙන්ඩර් කොන්දේසි ද කඩ කරමින් ආරක්ෂක සේවා සපයන ආයතනයකට ලබාදීමට කටයුතු කරමින් සිටින්නේ යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය සෞඛ්‍ය අමාත්‍යංශයට චෝදනා කරයි. 30 July 2021
මැතිවරණ නීති හදන මැති සබා කමිටුවට යෝජනා ගලයි මැතිවරණ නීති සකස් කිරීම සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ රැසක නියෝජිතයන් ඉදිරිපත් කළ යෝජනාවලටමැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ඉහළ අවධානය යොමුවිය. 30 July 2021
ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් පෘතුගාලයේ පැවති 32 වන ජාත්‍යන්තර ජීව විද්‍යා ඔලිම්පියාඩ් තරඟාවලියෙන් ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් හිමිවිය. 30 July 2021
හිටපු නියෝජ්‍ය ඇමති සරණ නඩු අටකින් නිදහස් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම මණ්ඩලයට කුලී පදනම මත වාහන ලබාගෙන රජයට පාඩු කර දූෂණය නැමැති වරද සිදු කළැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට ගොනුකර තිබූ අල්ලස් නඩු අටකින් ඒ මහතා නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද 30 නියෝග කළේය . 30 July 2021
“ලංකාව තුළ පොල්තෙල් මාෆියාවක් පවතිනවා’’ ශ්‍රී ලංකාව තුළ පොල්තෙල් මාෆියාවක් ඇති බවත් කිසිවකුට බදු අඩුකර පොල්තෙල් ආනයනය කිරීමට ඉඩ නොතබන බවත් පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පැවසීය. 30 July 2021
අධිකරණය දියුණු කිරීමට නවසීලන්තය සමඟ සාකච්ඡා අධිකරණයේ ස්වාධීනත්වය හා නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩ පිළිවෙළ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතාගේ විශේෂ ඇගයීමට ලක්විය. 30 July 2021
’’ඔන්ලයින්’’ හිරිහැර වැඩි ප්‍රදේශ දෙකක් හඳුනාගැනේ ඔන්ලයින් හරහා දරුවන් හිංසනයට සහ විවිධ අපචාරවලට වැඩි වශයෙන් ගොදුරු වන ප්‍රදේශ දෙකක් හැටියට හෝමාගම සහ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ හඳුනාගෙන ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ මහතා පැවැසීය. 30 July 2021
නිරෝධායනය කැඩූ 113ක් පොලිස් දැලේ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 113ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 30 July 2021
පළාත් කීපයකට මද වැසි සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (30) දිනයේ මද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 30 July 2021
හොරට බැංකු ලිපි හදා වාහන ගන්න ගිය අයෙක් දැලේ තෙල්දෙණිය ප්‍රදේශයේ රාජ්‍ය හා පුද්ගලික බැංකුවක ලිපි ශීර්ෂ සහිතව ව්‍යාජ ලිපි දෙකක් සකස් කර කුරුණෑගල ප්‍රදේශයේ කල්බදු සමාගමකින් මෝටර් රථයක් මිලදී ගැනීමට තැත් කළ සැකකරුවකු තෙල්දෙණිය විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 30 July 2021
කෝටි 40ක මත් කුඩු කළුතරින් අල්ලයි රුපියල් කෝටි 40කට අධික වටිහතළිහකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවෙකු බණ්ඩාරගම රේණුකාන ප්‍රදේශයේදී අද (30) අළුයම කළුතර දිසා අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 30 July 2021
‘‘එතෙර ඉගෙන ගන්න අපේ දරුවන්ට ඩොලර් කළුකඩයෙන් ගන්න වෙලා‘‘ ’පිටරට වල අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකේය දුවා දරුවන්ගේ එදිනෙදා වියදම් සඳහා යැවිය යුතු ඩොලර් සුළු ප්‍රමාණයක් වත් මෙරට බැංකු වලින් ගැනීමට නොහැකි තත්වය යටතේ දහස් ගණනක් මාපියනට කලු කඩයෙන්(Black market) අධික මුදලට ඩොලර් ගැනීමට අද සිදුවී ඇතැයි’’, එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 30 July 2021
අද කොවිඩ් ආසාදිතයන් 2,329ක් කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 2,329 දෙනකු අද (29) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 29 July 2021
කොවිඩ් මරණ 66ක් කොවිඩ් ආසාදිතවූ තවත් 66 දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (29) තහවුරු කළේය. 29 July 2021
සියලුම අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීමට නියෝග ශ්‍රී ලංකාව තුළ පවතින සියලු අනර්ථකාරී වෙබ් අඩවි තහනම් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත අද (29) නියෝග කළාය. 29 July 2021
වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට කොරෝනා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා කොවිඩ් කොවිඩ් අසාදනය වී ඇතැ බවට තහවුරු වි ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි. 29 July 2021
කෝටි දෙක හමාරක කුඩු මීගොඩින් අල්ලයි රුපියල් කෝටි 2 1/2 ආසන්න වටිනා හොරොයින් තොගක් සමග සැකකරුවකු මීගොඩ දෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පවසයි. 29 July 2021
මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ තීන්දුව ජනපතිට මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති ’’මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගානු කර තිබූ පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ජනාධිපතිවරයා සහ කතානායකවරයා වෙත කඩිනමින් යොමු කරන බව නිවේදනය කළේය. 29 July 2021
අජිත් රෝහණට තවත් වගකීමක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අධ්යක්ෂ මණ්ඩල සාමාජියකු වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කරනු ලැබීය. 29 July 2021
වෛද්‍ය හේමන්ත හේරත්ගෙන් අනතුරු ඇඟවීමක් කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දිගින් දිගටම වැඩි වුවහොත් පසුගිය මැයි මාසයේ ඇතිවූ බරපතළ තත්වයට රට යළි ගමන් කළ හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. 29 July 2021
ජෛව ආරක්ෂක බුබුල කැඩූ ක්‍රිඩකයන් තිදෙනාට ක්‍රිකට් තහනමක් එංගලන්ත සංචාරය අතරතුරදී ජෛව ආරක්ෂක බුබුල බිඳ දමමින් හෝටලයෙන් පිටතට යෑමෙන් විනය කඩකළ බවට වරදකරුවන් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු උප නායක කුසල් මෙන්ඩිස්ට සහ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වසර දෙක බැගින් තහනමක් ද, නිරෝෂන් දික්වැල්ලට වසර එකහාමාරක තහනමක් ද, පනවා තිබේ. 29 July 2021
ළමා හිංසනය ගැන ඔන්ලයින් හරහා සංවාදයක් ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ උත්සන්න වී ඇති ළමා අපයෝජන වළක්වාගැනීමට ගතයුතු පියවර පිළිබඳව සාකච්ඡා කරන ‘ළමා හිංසනයට තිත පදනම’ ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි යන තේමාව යටතේ අන්තර්ජාලය ඔස්සේ සංවිධනය කරන සංවාදාත්මක වැඩසටහන මේ මස 31 වැනිදා පස්වරු 7.00 සිට ෆේස්බුක් ඔස්සේ පැවැත්වේ. 29 July 2021
ගෘහස්ථ විදුලි රැහන් මිල පහළට ගෘහස්ථ විදුලි රැහැන් වයර් මිල ලබන අගෝස්තු මස 1 වැනිදා සිට සියයට 11 කින් අඩු කළේ යැයි සමුපකාර සේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. 29 July 2021
මැත්පැන් බෝතලේ ස්ටිකරය ගැටලු රැසක මුල දේශීයව නිෂ්පාදනය කරන මත්පැන් බෝතල් මත ආරක්ෂිත ස්ටිකරයක් ඇළවීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙන ආකාරය නිසා ගැටළු රැසක් මතුවිය හැකි යැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයන් පිරිසක් මුදල් ඇමැතිවරයාට පෙන්වා දී තිබේ. 29 July 2021
පාසලේ තාප්පය වැටී දරුවන් තිදෙනෙක් තුවාල ලබති බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනකු රෝහල් ගත කර ඇතැයි බොරැල්ල පොලිසිය කියයි... 12 February 2026