IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ලිත් නඩුවෙන් බැසිල් නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර)

ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වාසිවන අන්දමට ඔහුගේ රුව ඇතුළත් ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමෙන් රජයට පාඩු සිදු කළ බවට හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ  සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ කිත්සිරි රණවක මහතාට එරෙහි නඩුවෙන් විත්තිකරුවගේ වාචික නොකැඳවාම ඔවුන් දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. 

විත්තකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුකොට නොමැති බව විත්තිකරුවන් නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

පසගිය අවස්ථාවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් බව දැනුම් දිමෙන් අනතුරුව විත්තියේ වාචික කැඳවනවාද යන්න සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා නඩුව කැඳවනු ලැබී අවස්ථාවේ විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කළේය.



අදහස් (29)

ලිත් නඩුවෙන් බැසිල් නිදහස්

පිටිගල මිලානෝ Tuesday, 01 February 2022 12:34 PM

69 ලක්ශයට පින් සිද්ධවෙන්න ස' පවුලේම නඩු ටික ගොඩ දැම්මා. කවුද කියන්නේ ස' ෆේල් කියලා. ස' තමයි හොදටම කලේ.

:       0       0

චමක Tuesday, 01 February 2022 12:36 PM

ඔබ අඩුම ගානෙ ලිත් මුද්‍රණයෙන් වුන පාඩුව සඳහන් කරන්නෙත් නැහැ. එම ගාන නැතුව මෙම ප්‍රවෘත්තියේ ඇති වටිනාකම කුමක්ද?

:       0       0

සමන්ත Tuesday, 01 February 2022 12:39 PM

හුණුවිටක දෙයක් හොරා කාපු නැති මේ අහිංසක මනුස්සයාට යහපාලන ආණුඩුව ලිත් නඩුවක් හා පුාදේශීය සභාවලට ජීඅයි බට දුන්නාට නඩු දැම්මානේ. උසාවියේ විත්තිවාචිකයක්වත් ඉදිරිපත් නොකරම පැමිණිල්ලේ නඩුව අවසන්වූ වහාම අපරාධ නඩු විධාන සංගහයෙ 200(1) වගන්තිය යටතේ මේ අහිංසකයාව නිදහස් කළානේ. බලන්නකෝ මේ වගේ හොරකම් කරන්ඩ තියා ඒ ගැන තුන්හිතක අදහසක් පහළ වෙන්නේ නැති අහිංසකයන්ට යහපාලන ආණ්ඩුව කරදර කරලා තියනෙ තරම.

:       0       0

Hafeel Tuesday, 01 February 2022 12:58 PM

මේවා 69 ලක්ෂයට සහ 56 ලක්ෂයට ලැබුණු ලොකු ජයග්‍රහණය. 56 ලක්ෂය ජනවරමට අවුරුදු පහක්තුල නඩු සේරම කල් දෙම්ම. 69 ලක්ෂය ජනවරමට නිදොස්කොට නිදහස්. රනිල් අහනවා ඔහු හොරක්ද නැද්ද කියල. ඉතින් කොව්ද හොරුන්?

:       0       0

Hafeel Tuesday, 01 February 2022 01:16 PM

ආණ්ඩුවට කොවිඩ් අස්සේ සහන දෙන්න බැරි වුණාට, නඩුවලින් නිදොස්කොට නිදහස් කරන්න පුළුවන් වුනා. එක හරි කලා.

:       0       0

Rexi Tuesday, 01 February 2022 01:29 PM

ජනතා බදු මුදල් සහ වටිනා කාලය නාස්ති කිරීමක්, කරුණාකර දේශපාලන මැති ඇමැතිවරුන්ට නඩු ගොනු කිරීමෙන් වළකින ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කටයුතු සිදුකරන අයගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි, මේ තාක් කල් දැනුවත්ව දියවන්නාවේ හිටපු සහ සිටින කිසිම කෙනෙක්ට එරෙහිව නඩු පවරා ජයගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අයට නොහැකි වී ( හෝ නොකර) ඇත

:       0       0

ලුම්බිණි Tuesday, 01 February 2022 01:36 PM

මේ ආණ්ඩුවේ සියලු දෙනාටම විරුද්ධව තිබෙන නඩු එක වරකින්ම නිදහස් කොට අවසන් කල නොහැකිද?

:       0       0

Pradeep Kumara Tuesday, 01 February 2022 01:37 PM

ගෙවල් වල ලිත් ගහපු එවුන් තමයි මේවට වැරදි කාරයෝ.

:       0       0

චමින්ද Tuesday, 01 February 2022 03:01 PM

මොන නඩුවෙන් නිදහස් වුනත් හෘද සාක්ෂියේ නඩුවෙන් නිදහස් වෙනවා බොරු.අහිංසක දුප්පත් මිනිස්සු එදා වේල ගැටගහගෙන ජීවත්වීමට දරන මහන්සියට මේගොල්ලෝ වගකිවයුත්තන්ය.

:       0       0

මෝඩ යකා Tuesday, 01 February 2022 04:07 PM

එක රටක එක නීතියක් මල් පල ගැන්වු තව මොහොතක්

:       0       0

siri Tuesday, 01 February 2022 04:37 PM

කාටද ආඩම්බර ?

:       0       0

dasun Tuesday, 01 February 2022 05:30 PM

එදා මෙදා තුරාවටම මේ රටේ පහළ වූ දේශපාලකයින් සියලු දෙනා සාන්තුවරයන්ය... කිසිඳු දූෂණයක්, වංචාවක් කිසිදිනක සිදුවී නැත. මෙරටේ බොහෝ අධිකරණවල අරුථකථනය එයයි. මින් ඉදිරියට මෙවැනි නඩු පැවරීම නීතිපතිවරයා නොකළ යුතුයි. අපරාදෙ අධිකරණයට ගිය වියදම්... අපි පව් හලෝ...

:       22       18

විපරමා Tuesday, 01 February 2022 06:23 PM

නීතිය කාටත් පොදුයි කියලා තිබුණාට දූෂිත දේශපාලුවන්ට එය අදාළ නැත.

:       11       20

mohomed agarapatana Tuesday, 01 February 2022 06:31 PM

එක රටක්, එකම නිතියක්...

:       12       16

Demuni Uduwara Tuesday, 01 February 2022 08:21 PM

අපි ඒ ගැන වඩාත් හොඳින් දැනගත්තා...!!!

:       16       13

C.K.Lankaputhra Tuesday, 01 February 2022 09:20 PM

මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ.., මේක තමයි එක රටක්, එක නීතියක් කියන්නේ... මේ තමයි සැමට එක ලෙස සැලකීම කියන්නේ, මේ තමයි රාජපක්ෂවාදය කියන්නේ, මේ තමයි නීතියේ සාධාරණත්වය කියන්නේ, මේ තමයි 69 ලක්ෂයක් ඉල්ලූ දේ කියන්නේ, මේ තමයි සෞභාග්‍යය කියන්නේ, මේ තමයි රට ඉදිරියටම අරන් යනවා කියන්නේ, මේ තමයි "මම තමයි හොඳටම කෙරුවේ" කියන්නේ. අවසානයේ මේ තමයි කිසිම හිරිකිතයක් නැතිකම කියන්නේ...! 

:       22       23

Roshan Tuesday, 01 February 2022 09:23 PM

හොරාගේ අම්මාගෙන් පේන අහනවා..!

:       17       18

Naushi Tuesday, 01 February 2022 10:37 PM

අපි තමයි හොඳටම නිදොස්කොට නිදහස් කරේ... ජයවේවා..!!

:       37       31

Shan Tuesday, 01 February 2022 10:43 PM

මම හිතන්නේ මෙයාලා රජයට ගොට්ට අල්ලනවා වගේ... පුදුමයි ඒත් ඇත්තයි.

:       23       19

susantha Tuesday, 01 February 2022 10:53 PM

එතකොට ලිත් නොමිලේද මුද්‍රණය කරලා තියෙන්නේ? කවුද රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වියදම ගෙවලා තියෙන්නේ? මොකක් නැතත් සර් ඉතිහාසගත වෙනවා... නඩුවලින් හොරු නිදහස් කළා කියලා...

:       18       27

Demuni Uduwara Wednesday, 02 February 2022 01:44 AM

20A, 19A ට වඩා බලවත්...! ඒක රාජපක්ෂවරුන්ට බොහෝ ප්‍රතිලාභ දායකයි.

:       30       23

සමන්ත Wednesday, 02 February 2022 02:34 AM

සමන්ත ඉතින් ඒක පුදුමයක් නෙමේනේ. මොකද පොහොට්ටුවට බලය ගන්න ඕනේවුණු ලොකුම ප්‍රොජෙක්ට් එක ඕකනේ. ඉතින් ඒක ඒ විදිහට වෙනවා. රටට හෙණ ගැහුවා එක ප්‍රශ්නයක් නැත්නම් දැන්.... හැබැයි ප්‍රශ්නේ ඉවර කරන්න අපි දෙන්නේ නෑ. බලමු.... තීන්දුව ගැන අපිට ප්‍රශ්න තියෙනවා.

:       21       19

සනත් බණ්ඩාර Wednesday, 02 February 2022 07:27 AM

මේ නඩු තීන්දුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉතාමත් අහිතකර පූර්වාදර්ශයක් වෙනවා. ආණ්ඩු බලය තියෙන දේශපාලන පක්ෂයට කිසිම සීමාවක් නැතුව රජයේ දේපළ සහ මුදල් ඉදිරියට පැවැත්වෙන මැතිවරණවලදී භාවිතා කරන්න නීතියෙන්ම නිදහස ලැබෙනවා....

:       42       31

සුරලොව ඇල්මන්Wednesday, 02 February 2022 10:55 AM

ඔබේ අදහස ඉතාමත් නිවැරදියි. මට කෙනෙක් මතක් වුණා...!

:       23       19

Aruna Manipura Wednesday, 02 February 2022 10:20 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...!!!

:       32       29

kamal Wednesday, 02 February 2022 11:32 AM

දැන් සැපයිද?

:       9       20

Ruhunu Wednesday, 02 February 2022 12:04 PM

පට්ට හොරු තමයි....!

:       21       17

fairoos Wednesday, 02 February 2022 01:11 PM

අවුරුදු 2කට නඩු කීයකින් නිදහස් කළාද? ඊළඟ අවුරුදු 3ත් හොඳටම කරගමු...

:       21       13

Rohana Wednesday, 02 February 2022 02:24 PM

රාජපක්ෂවරුන්ට හැර එක් රටක් එක් නීතියක් ලෙස නිවැරදි වියයුතුයි. ඇරත් පැමිණිල්ලේ වාසියට තීන්දුවක් දෙන්නේ කොහොමද? ශිරාණි බණ්ඩාරනායක මහත්මියට සිදුවුණු දේ කවුරුත් දන්නවා ඇති...

:       16       12

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 31 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 329 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 2617 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1304 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 723 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 817 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 875 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1411 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 363 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site