(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බම්බලපිටිය සුපිරි නිවාස සංකීර්ණයක මහල් හතකින් යුත් ගොඩනැගිල්ලකින් අභිරහස් ලෙස ඇද වැටී මියගිය 15 හැවිරිදි පිරිමි දරුවාගේ ශරීරයෙහි මෙත් ඇම්පිටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය ශරීරගත වී ඇති බවට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පැවැති මරණ පරීක්ෂණයේදී තහවුරු වී ඇති බව බම්බලපිටිය පොලිසිය කියයි.

සිද්ධිය වූ ස්ථානයට පැමිණ අංක 3 අධිකරණයේ මහේස්ත්‍රාත් සිලනි පෙරේරා මහත්මියගේ නියෝග මත විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රාහුල් හක් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි.

පපු ප්‍රදේශයට සිදු වූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇති බව මරණ පරීක්ෂණයේ දී අනාවරණය වූ පොලීසිය කියයි.

මෙලෙස මිය ගොස් තිබුණේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි රාජා අභිලාශ් නැමැති දරුවාය. ඔහු පවුලේ එකම දරුවා විය.