
(රංජන් කස්තුරි)
ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පැමිණි මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම රජය දැඩි පිළිකුළෙන් යුතුව හෙළාදකින බව කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් පොලිසිය අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වන බව ද රමේෂ් පතිරණ මහතා කියයි.
කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවදී ඇමැතිවරයා මේ බව කීය.
මෙම සිදුවීම රජය දැඩි පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදි රටක් භාෂණයේ නිදහස කථනයේ නිදහස අපේ රටේ උපරිමයෙන් තිබෙනවා. ජනතාවට උද්ඝෝෂණය කිරීමට වෙනම ස්ථානයක් පවා ජනාධිපති සකස්කර තිබෙනවා. අද අපේ ආණ්ඩුව යටතේ සෑම දේශපාලන පක්ෂයකටම නිදහස් ලබාදී තිබෙනවා යැයි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ තාම පරීක්ෂණයක් වත් නෑනේ.., තමුන්ගේ කොල්ලන් එතන ඉන්න හින්දා වෙන්නැති නේද...?
ලංකාවේ කොහේද රජයක්... වෙන රටකින් වෙන්න ඇති...