(සුජිත් හේවාජුලිගේ)
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා හඳුන්වා දුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ මාසය පුරා දිගටම ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් තීරණය කර ඇත.
මේ අනුව මෙතෙක් ක්‍රියාත්මකවූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයේ බලාත්මකභාවයද ලබන 28 වැනිදා දක්වා දීර්ඝ කර කරනු ලැබ ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.
රටේ මෙතෙක් ක්‍රියාත්මක වූයේ දෙසැම්බර් මස අගදී නිකුත් කරනු ලැබූ සහ අද (31) දක්වාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛයයි.
මෙම චක්‍රලේඛය සංශෝධනයන්ට යටත්ව ( විශේෂ හේතුවක් මත පමණි) පෙබරවාරි මස 28 වැනි දා දක්වා දිගටම ක්‍රියාත්මක කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
හඳුන්වාදී ඇති මෙම සීමාවන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කටයුතු කරන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජනරාල්වරයා සියලු මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හප්පේ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ... මම හිතුවේ ඉතාම තදින් සහ හොඳින් මාර්ගෝපදේශ රටේ ක්‍රියාත්මක වෙන මොහොතක තවත් නීතී දැඩිකරලා කියලා...