
(යොහාන් භාසුර)
පෙබරවාරි මස 4 වැනිදාට යෙදී ඇති 74 වන ජාතික නිදහස් දිනය සැමරීම වෙනුවෙන් කොළඹදී එදින පෙරවරුවේ පවත්වන සමරු උළෙල වෙනුවෙන් කොළඹ නගර සීමාව සහ බස්නාහිර පළාත ආවරණය වන පරිදි ආරක්‍ෂක නිලධාරීන් 3000 කට අධික පිරිසක් ආරක්‍ෂාව සඳහා යොදවන බව පොලිසිය පවසයි.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් එම සංඛ්‍යාවට ඇතුළත් වන බවත් ඊට අමතරව පොලිස් සහ ත්‍රිවිධ හමුදා බුද්ධි නිලදාරීන් ද යෙදවීමට නියමිත බවත් පොලිසිය සඳහන් කළේය.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්‍ෂණයෙන් එම ආරක්‍ෂ වැඩසටහන ක්‍රියාත්මක වන බව ද පොලිසිය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිලධාරීන් ගණන හොඳටම මදි...
චීනෙන් හිඟාකාලා අපි නිදහස දරනවා. පුදුම බත්කන හරක් ඉන්න රටක් මේක...