කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තිදෙනකුට කොරෝනා සිම්බාබ්වේහිදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්රීඩකඩිකාවන් තිදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බවට තහවුරු වී තිබේ. 21 November 2021
‘‘පොහොර නැවත ගෙන්වන්න ජනපති සමග හෙට සාකච්ඡා කරනවා‘‘ වල් නාශක, කෘමි නාශක සහ දිලීර නාශක නැවත ආයනයන කිරීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය ලබාගැනීම හෙට (22) පෙරවරුවේ සාකච්ඡා කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (21) පැවසීය. 21 November 2021
‘‘වී සහ එළවළුවලට රසායනික පොහොර ගෙන්නේ නෑ‘‘ වී සහ එළවළු වගාවන් සඳහා රසායනික පොහොර ගෙන්වීමට රජය මේ දක්වා කිසිඳු තීරණයක් ගෙන නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ලංකාදීපයට පැවසීය. 21 November 2021
ලොව පුරා කොරෝනා වත්මන් තත්ත්වය ලොවපුරා රට රටවලින් අවසන් සතියේ වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 21 November 2021
කොරෝනා ආසාදිතයන් 508ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 508 දෙනකු අද (21) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 21 November 2021
පාස්කු ප්‍රහාරයට ජීවිත පීදූවන්ට සාධාරණය ඉල්ලති පාස්කු ප්‍රහාරය සිදුවී මාස 31ක් සම්පූර්ණ වෙද්දීත් ඉන් මියගිය අයට සාධාරණය ඉටු නොවූ බව පවසමින් ‘අලුත් පියාපත්’ ව්‍යාපාරය මගින් සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ, නිදහස් චතුරස්රයේදී අද (21) පස්වරුවේ පැවැත්විණි. 21 November 2021
කොරෝනා මරණ 19ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 November 2021
කාල ළඟදීම කාලක්ක්‍රියා කරයි කාලේ මත්පැන් බෝතල් තහනම් කිරීමට අනිවාර්යයෙන් පියවර ගන්නා බවත් ඒ සඳහා වන සාකච්ඡා මෙම සතිය තුළ ආරම්භ කරන බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 21 November 2021
වගකීම් පැහැර හැරිය හොත් ඉදිරිය භායානකයි කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම දිනකට 700 සීමාව පැන ඇතැයි කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 21 November 2021
බසයේ වැටී තිබූ මුදල් පාර්සලය වංචා කළ රියැදුරා මාට්ටු ශල්‍ය කර්මයකට ලැබුණු රුපියල් ලක්ෂ හතක් සහ ඩොලර් නෝට්ටු තොගයක් වංචනිව තබාගත් බස් කොන්දොස්තර්වරයකුගෙන් නැවත එහි හිමිකරුට ලබාදීමට බැස්ටියන් මාවත පොලිස් මුරපොළේ නිලධාරීහු අද කටයුතු කළහ. 21 November 2021
ඇතැම් සිගරැට් රුපියල් 10 කින් වැඩි වෙලා සිගරැට් සඳහා අයවැයෙන් පැනවූ රුපියල් 5ක බද්ද නිෂ්පාදන බද්දක් වීම නිසා ඇතැම් සිගරැට්වල මිල රුපියල් 5 කට වඩා වැඩි මුදලින් ඉහළ යෑමේ අවස්ථාව ඇති බව දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් (නීති ක්‍රියාත්මක කිරීම්) කපිල කුමාරසිංහ මහතා ‘ ලංකාදීප‘ යට පැවසීය. 21 November 2021
කොරෝනා වයිරසය බණ්ඩාරගම පිරිවෙනක් වහයි බණ්ඩාරගම වික්‍රමශීලා පිරිවනේ හිමිවරුන් 23 දෙනකු ඇතුළු 25 දෙනකුට කොරෝනා වයිරසය ආසාධිත බවට තහවුරු වීම නිසා පිරිවෙන අද සිට තාවකාලිකව වසා දැමු බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතා පවසයි. 21 November 2021
රැල්ල පා ගන්න ගිය දෙදරු මව මුහුදට බිලි මාරවිල මුදුකටුව පදිංචිව සිටින සිය දියණියගේ නිවසට පැමිණ සිටි දෙදරු මවක අද දහවල් එකට පමණ මාරවිල මූදුකටුව මුහුදු වෙරළේ රැලි පාගමින් සිටියදී මුහුදු රැල්ලකට ගසාගෙන ගොස් මරණයට පත්වී ඇතැයි මාරවිල පොලීසිය කියයි. 21 November 2021
මහ බැංකුවට සහකාර අධිපතිවරු සිව්දෙනෙක් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබේ. 21 November 2021
සමාජ මාධ්‍ය පරිස්සමින් පරිහරණය කරන්න ස්වදේශ කටයුතු අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ නිලධාරීන් සහ අමාත්‍යංශ තීරණ පහත් ලෙස සමච්චලයට සහ අපහසුතාවට පත්වන ලෙස සමාජ මාධ්‍ය ජාලාවල ප්‍රකාශ පළ නොකරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ රාජ්‍ය සේවයේ කටයුතු කරන නිලධාරීන් දැනුවත් කරන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුනට දැනුම් දී තිබේ. 21 November 2021
එන්නත් ගත් අයට ප්‍රතිකර දෙන්න ගිය සායනයකට අධිකරණයෙන් තහනමක් කෝවිඩ් මර්දන එන්නත් ලබාගැනීමෙන් පසුව අතුරු ආබාධ ඇති වූ පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා පැවැත් වූ බව කියන දේශීය වෛද්‍ය සායනයක් තහනම් කිරීමට ඉඟිනියාගල පොලිසිය පියවර ගෙන ඇත. 21 November 2021
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙට අයවැය විසර්ජන පනත් කෙටුම්පත (2022) පිළිබඳ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී හෙට ( 22) පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය. 21 November 2021
ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් හෙට-අනිද්දා මෙරටට තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් හෙට සහ අනිද්දා මෙරටට ලැබීමට නියමිතව ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 21 November 2021
අධිවෙිගයේ වාහනයකින් ඉන්ධන සොරාගත් 2ක් මාට්ටු ඉදි කරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ වදුරව වැඩ බිමක නවතා ඇති පස් කපන යන්ත්‍රයකින් ඩීසල් සොරා ගනිමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අද (21) උදෑසන අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව වේයන්ගොඩ පොලීසිය පවසයි. 21 November 2021
මහා භාණ්ඩාගාරයට හොරෙන් පරිසර ව්‍යාපෘතිවලට විදේශ මුදල් යොදවලා මහ භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් නොකරමින් පරිසර ව්‍යාපෘති හතරක් සඳහා රුපියල් කෝටි ගණනක් වටිනා ඍජු විදේශ මුල්‍යාධාර වියදම් කර ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණයවී ඇත. 21 November 2021
නුවරඑළිය ගොවීන්ගෙන් රතු එළියක් මහ කන්නය සදහා රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලබාදෙන ලෙස රජයට බල කරමින් අද (21) නුවරඑළිය නගරයේ උද්ඝෝෂණයක් පැවැත්විණි. 21 November 2021
‘‘විකල්පයක් නැති නිසා අයවැයට පක්ෂව ඡන්දය දෙනවා‘‘ විකල්පයක් නැති හෙයින් අයවැය යෝජනාවලියට තමා පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 21 November 2021
ගැටලු සොයන්න ඥානසාර හිමි උතුරට එක රටක් එක නීතීයක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය උතුරු පළාතේ ජනතාවගේ ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශවලට ගොස් සිටී. 21 November 2021
කොටුවෙන් අද දුම්රිය හතරක් මහනුවරට අයපත් කාලගුණයෙන් දුම්රිය මාර්ගයට හානි සිදුවීම නිසා අත්හිටුවා තිබූ කොළඹ - මහනුවර දුම්රිය ධාවනය ආරම්භ කරමින් අද (21) පස්වරුවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් දුම්රිය හතරක් පිටත් වන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 21 November 2021
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රිට එරෙහිව වව්නියාවේ විරෝධයක් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා , වන්නි දිස්ත්‍රික් ඊ.පි.ඩි.පි පාර්ලිමේන්තු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් මහතාට කළ අපහාසාත්මක ප්‍රකාශයකට විරෝධය දක්වමින් ඔහුගේ ආධාරකරුවන් පිරිසක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ. 21 November 2021
මහපොළ ප්‍රමාදවීමෙන් සිසුන් අපහසුතාවක විශ්වවිද්‍යාල සිසුන්ට මහපොළ සහ ශිෂ්‍යාධාර මාසික දීමනාව ගෙවීම මාස කීපයක් ප්‍රමාද කිරීම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දැඩි අපහසුතාවට පත්ව සිටිති. 21 November 2021
මහමඟදී අතක් කපා පළාගිය දෙදෙනා අත්අඩංගුවට කහපොල පොල්හේන හන්දිය ආසන්නයේදී තියුණු ආයුධයකින් පුද්ගලයකුගේ අතක් වෙන්වන සේ කපා කකුලකට ද බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනා දින 10කට පසු කැස්බෑව හංදියේ දී අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි 21 November 2021
මුහුණු පොත සාදයක් පැවැත් වූ 12 මාට්ටු අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වී මාතර පැලෑන ප්‍රදේශයේ සංචාරක හෝටලයකට පැමිණ ෆේස්බුක් සාදයක් පවත්වමින් සිටි තරුණයන් 12 දෙනකු විවිධ මත් ද්‍රව්‍ය සමග සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවට ගත් බව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 21 November 2021
අවුරුදු දෙකක් රැක්ක පැල පොල් වගාව වල්අලි පැය දෙකෙන් වනසයි තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පයින්ඩිකුලම , වළගම්බාහුව, මාවතවැව හා ,මහකණුමුල්ල ආදි ගම්මාන රැසකට මේ දිනවල විශාල වන අලි රංචුවක් කඩාවැදීමෙන් රාත්‍රි කාලයේ ගොවිබිම් වනසන බව ගොවීහු පවසති. 21 November 2021
යාපනයේ මුහුදු තීරයෙන් කෝටි 6 ක කේරෙළ ගංජා මතුවෙයි නාවික හමුදාව විසින් අද (21) අලුයම යාපනය අරියාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් ඩිංගි යාත්‍රාවක් තුළ සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 229 ග්‍රෑම් 350ක ප්‍රමාණයක් සිය බාරයට ගත් බව නාවික හමුදාව කියයි. 21 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026