(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තෙල් වියදම දරා ගත නොහැකි හෙයින් තමා මැතිසබයට ආවේ කෝච්චියෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
ව්‍යාපාරිකයන් ධනවතුන් නොවන තමා වැනි මන්ත්‍රීවරුන්ට ඉන්ධන මිල දරා ගත නොහැකි බවද ඔහු සඳහන් කළේය.
රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්වය ගැන කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පැවති සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.
තමාගේ වාහනයට මෙයට පෙර රුපියල් 7,500 ක ඩීසල් ලබා ගත්තද දැන් රුපියල් තිස් දහසක පමණ ඉන්ධන ලබා ගැනීමට සිදුවී ඇතැයි ගුණතිලක රාජපක්ෂ මහතා කීවේය.
තම කණ්ඩායමට වැරදුණේ පොහොර ප්‍රශ්නය නිසි ලෙස කළමනාකරණය කර නොගැනීම නිසා යැයි පැවසූ මන්ත්‍රීවරයා ඒ වැරදීම නිසා ගොවීන් පාරට පැමිණි බවද ප්‍රකාශ කළේය.
කාබනික පොහොර ඉතා වැදගත් දෙයක් වුවත් එය නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට රජය අපොහොසත්වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුව ළඟ කෝච්චියෙන් බහින්න රේල් පාරක් තියෙනවාද?
හැමතැනම රාජපක්ෂලා? පාර්ලිමේන්තුවේ රාජපක්ෂලා කීදෙනෙක් ඉන්නවද?
ඉස්සර මන්ත්‍රීවරුන්ට දුන්නේ කෝච්චි ටිකට් දෙකක් පමණි. වාහනත් නැහැ.. පර්මිටුත් නැහැ. ඉන්ධනත් නැහැ... කෝච්චි ටිකට් දෙක දුන්නේ ඔහුටත් සහායකයාටත් භාවිතය සඳහායි.
තනියෙම ආවාද? නැතිනම් ආරක්ෂකයොත් එක්කලාමද?
අනේ යන්න හලෝ අපිව තම්බන්න එන්නේ නැතිව.. අනික අපිට මොකද ඔහෙලා මොකක ගමන් කළත්... හිතාගෙන ඇති අපිත් ඒ වගේ ගොන් හරක් කියලා? රට කරන්න බැරි නම් කරන්න පුළුවන් ජාතියකට මේ රට බාර දීලා යමල්ලා යන රටකට. හිතාගෙන ඇති අපිවත් නයි නටවලා රවට්ටන්න පුළුවන් කියලා.