(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහල්වලට උපරිම මිල නියම කරමින් පසුගිය මැයි මස 2 වැනිදා නිකුත් කළ අංක 82 දරණ ගැසට් පත්‍රයේ කිසිඳු සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ පවතින සහල් මිල වැඩි කිරීමක් හෝ කර නොමැති බවත් ව්‍යාපාරික ප්‍රජාව සහල් උපරිම සිල්ලර මිලට යටත්ව අළෙවි කළ යුතු බවත් එම අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම ගැසට් පත්‍රයට අනුව නාඩු සහල් කිලෝවක් රුපියල් 220 ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230 ක් සහ කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ක්, ලෙස උපරිම මිල පවතින බවත් උපරිම මිලට වඩා වැඩි මිලට සහල් අළෙවි කිරීම සම්බන්ධයෙන් රට පුරා වැටලීම් කර නඩු පැවරන බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දීල තියෙන්නෙ උපරිම මිලක්නෙ.