(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකාවේ පවතින ජලභීතිකා එන්නත් හිඟයට විසඳුමක් ලෙස ඇමෙරිකා ඩොලර් 26000ක පමණ වටිනාකමකින් යුත් ජලභීතිකා එනනත් තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට අද පරිත්‍යාග කළේය.
සේරුවිල මංගල රජමහා විහාරස්ථානය සහ ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය එකාබද්ධව පිහිටුවා ගත් ‘‘සේව් ආ බේබි‘‘ සංවිධානය මගින් එන්නත් තොගය පරිත්‍යාග කළේය.
රටපුරා සෑම රෝහලකම මේ වන විට ජලභීතිකා එන්නත් නොමැති තත්ත්වයක් උද්ගතව ඇති හෙයින් එම එන්නත් තොගය පරිත්‍යාග කිරීමට පියවර ගත් බව සේරුවිල මංගල රජමහා විහාරාධිපති අළුදෙණියේ සුබෝධි හිමියෝ පැවැසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd