(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා අද පොහොට්ටුව විසින් පිළිගෙන තිබීම ගැන තමා සතුටට පත්වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.
පොහොට්ටුවෙි අය අවුරුදු හතරහමාරක් එතුමාට බැන වැදුන බව කී විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා යහපාලන ආණ්ඩුවේ ක්‍රියාදාමය නිවැරදි බව අද ඔප්පු වී තිබෙන බව සඳහන් කළේය.
අගමැතිගේ කතාවේ වියදම් ලැයිස්තුවක් කිව්ව නමුත් ඩොලර් ලැබෙන්නේ කොහොමදැයි නොකී බව කී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රුපියල් අච්චු ගහන්න පුලුවන් වුණාට ඩොලර් අච්චු ගහන්න නොහැකි යැයිද අගමැති කතාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන කිසිවක් ඉදිරිපත් කළේ නැතැයි ද පැවසීය.
ඇමතිවරු ප්‍රශ්න කියන නමුත් උත්තර ඉදිරිපත් කරන්නේ නැතැයි ද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැම්මම ප්‍රෙෂර් පෙත්තක් බීලා ඉන්න. තවතව ප්‍රීතියෙන් පිනායන්න දේවල් බලාගන්න පුළුවනි ඉස්සරහට..
දෙවෙනි රවුමට මිනිස්සු ඔයගොල්ලන්ගෙත් ගෙවල් පුච්චන කොට තව සතුටුවෙන්න පුළුවනි.