(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රනිල් වික්‍රමසිංහ මහතා අද අගමැති පුටුවේ සිටින අතර තමාටත් පින් පොඩ්ඩක් අනුමෝදනා කළ යුතුව තිබෙන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී  ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද (7) පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති පුටුවට යාමට පාර කැපුනේ තමාගේ ක්‍රියාදාමය නිසා බව තේරුම් ගත යුතු බව කී ෆොන්සේකා  මහතා රනිල් වික්‍රමසිංහ මහතා කැඳවීමට  පැය තුනකට පෙර ජනාධිපතිවරයා තමා කැඳවා වහාම  අගමැති ධුරය  බාර ගන්නැයි පැවසූ බව සඳහන් කළේය.

තමා එහිදී ජනාධිපතිවරයාට කොන්දේසි කිහිපයක් පැන වූ බවත් එම කොන්දේසි ඉටු කිරීමට  පසුබිම හැදුනොත් අගමැතිකම බාරගන්නා බව තමා ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත් කී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති  ධූරය බාර ගන්නැයි ආරාධනා කළේ ඉන් අනතුරුව බව ද කීය.