‘ජනතාවට කැඳ වතුරවත් නැති රටක් හදන්න හදනවා ‘ පොහොර නැතුව කෘෂිකර්මාන්තය කඩා වැටෙද්දී ඩොලර් නැතුව පිටරටින් වත් ආහාර ගෙන්වන්න නොහැකි තත්ත්වයක් යටතේ ජනතාවට කැඳ වතුර ටිකක් නැති රටක් හදන්නට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 21 November 2021
වැස්ස අඩුවන ලකුණු දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (21) වැසි නොමැති කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 November 2021
පාකිස්තානු’ගාන්ධාර’ වාර්තාමය චිත්‍රපටය එළි දක්වයි පාකිස්ථානයේ බෞද්ධ උරුමය පදනම් කරගෙන සකස් කළ ’ගාන්ධාර’ වාර්තාමය චිත්‍රපටය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පසුගියදා එළි දැක්වීය. 21 November 2021
අද ආසාදිතයන් 725ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 229 දෙනකු අද(20) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 20 November 2021
කොරෝනා ආසාදිතයන් 496ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 496 දෙනකු අද (20) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 20 November 2021
‘‘අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’‘‘ ග්‍රන්ථය ජනාධිපතිවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්රාප්තියේ දෙවර්ෂ සැමරුම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය අංශය සම්පාදනය කළ ’’අභියෝග මැද සෞභාග්‍යයේ දෙවසර’’ ග්‍රන්ථය සහ එහි දමිළ හා ඉංග්‍රීසි භාෂා ග්රන්ථ පිළිබඳ විශේෂ රූපවාහිනී වැඩසටහනේ ඩී.වී.ඩී පටය සහ Signature of THE EXECUTIVE සඟරාවේ පළමු ප්‍රකාශය ජනාධිපතිවරයාට අනුරාධපුර ජනාධිපති මන්දිරයේදී ප්රදානය කළේය. 20 November 2021
මන්ත්‍රී ගීතා ඇමැති පුටුවක් නැතිව හඬයි එදා ඒකාබද්ධ විපක්ෂයේ සිට් මන්ත්‍රීවරුන් 53 දෙනාගෙන් පනස් දෙදෙනකුම ඇමැතිවරුන් බවත් අද තමා පමණක් පාර්ලිමේන්තුවේ පිටුපසටවී සිටීමෙන් පෙන්නුම් කෙරෙන්නේ කාන්තාවන්ට හොඳින් සලකපු ආකාරය බවත් ගාලු දිස්ත්‍රික් මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේදී අද පැවසුවාය. 20 November 2021
වාණිජ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 998 ක් මන්නාරමේදී අල්ලයි නීති විරෝධී ලෙස සඟවා ගබඩා කර තිබූ කිලෝ 998 යි ග්‍රෑම් 750ක බරකින් යුත් වෝටර්ජෙල් නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු 7990 ක් සමඟ සැකකරුවන් දෙදෙනකු මන්නාරම ශාන්තිපුරම් වෙරළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් විය. 20 November 2021
‘තේ’ පොහොර ළඟ ළඟම එනවා තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ආනයනයට පියවර ගෙන ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 20 November 2021
විදෙස්ගත ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරුන්ගෙන් කොඩිඩ් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් දිවයින පුරා රෝහල් වලට අවශ්‍ය ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල සහ පල්ස් ඔක්සිමීටර ඇතුළු කොවිඩ් වෛද්‍ය උපකරණ කට්ටල තොගයක් ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් මෙරටට එවා ඇත. 20 November 2021
කොවිඩ් මරණ 22 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 22 දෙනකු ඊයේ (19) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (20) තහවුරු කළේය. 20 November 2021
පහළ කඩුගන්නාවට අනතුරු ඇඟවීමේ සංඥා සවිකරන්න යයි නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිතව නායයෑම් අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 20 November 2021
කපාකොටා ඝාතනය කළ අයකුගේ සිරුරක් හමුවෙයි වීරකැටිය පොලිස් වසමේ වෑකඳවල ප්‍රදේශයේදී පුද්ගලයකු කපා කොටා ඝාතනය කොට ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි. 20 November 2021
ජනපති, මන්ත්‍රී විශ්‍රාමයට සීමා වැටෙන පනත ලබන වසර මුල මැතිසබයට ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප හිමිවන කාලය වසර දහය දක්වා දීර්ඝ කිරීමට අදාළ සංශෝධන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ලබන වසර මුල ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 20 November 2021
සය නිවුන් දරුවෝ ගෙදර යති ශ්‍රී ලංකා ඉතිහාසය පළමු සය නිවුන් දරුවන් ලෙස නාරාහේන්පිට නයින්වේල්ස් රෝහලේ දී පසුගිය මස 21 වෙනිදා උපත ලැබූ දරැවන් හයදෙනා මාසයකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලබා අද (20) රෝහලෙන් පිටව ගියහ. 20 November 2021
අයවැය යෝජනාවලට පණ දීමට බැසිල් වැඩට බහී අයවැය මගින් ඉදිරිපත් කෙරුණු නව යෝජනා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය නීතිමය රාමුව ඇතුළු අනෙකුත් කටයුතු සකස් කිරීම සම්බන්ධයෙන් අදාළ අංශ සමග මුදල් අමාත්‍යවරයා පුළුල් වශයෙන් සාකච්ඡා කිරීම අද ආරම්භ කළේය. 20 November 2021
එළවළු හිඟයක් ඇතිවන ලකුණු ඉදිරි සතිය වන විට එළවළු තොග නොලැබීමෙන් දැඩි එළවළු හිඟයක් ඇති විය හැකි බවත් ඒ හේතුවෙන් එළවළු මිල තවදුරටත් ඉහළ යා හැකි බවත් පෑලියගොඩ තොග වෙළෙඳ පොළේ වෙළෙන්දෝ පවසති. 20 November 2021
ලාංකිකයන් සිව්දෙනකු ගින්නකින් බ්‍රිතාන්‍යයේදී මරුට බ්‍රිතාන්‍යයේ, බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක හට ගත් හදිසි ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී. 20 November 2021
විවිධ රෝග ඇති 20ට වැඩි අයටත් බූස්ටර් එන්නත විවිධ රෝගාබාධ වලින් පෙළෙන වයස 20 ට වැඩි පුද්ගලයන්ට කොවිඩ් මර්දන තෙවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 20 November 2021
තෙල් ගේන්න ඉන්දියාවෙන් හදිසි ණයක් ගන්න යයි බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබාගැනීමට රජය තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි . 20 November 2021
’’ජනපති මිරිහානේ ගෙදර ඉන්නවට මම කැමති නැහැ’’ රට වටේ ඇති ජනපතිවරයාගේ නිල නිවාසවලට ජනාධිපතිවරයා එක දිනක් හෝ ගොස් නැති බවත් ඒවා අද ප්‍රයෝජනයට ගන්නේ යාළු මිත්‍රයන්, ගජ මිත්‍රයන් පමණක් බවත් ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 20 November 2021
'රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙළක් අපිට තියෙනවා' වත්මන් රජය බලයෙන් පහ කර සමගි ජන බලවේගයට රජය භාරදුන්න හොත් රට ගොඩනැගිමේ ජාතික වැඩපිලිවෙළක් තම පක්ෂයට ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් සහ මහනුවර දිස්ත්‍රික් පා.ම තිස්ස අත්තනායක මහතා පැවසිය. 20 November 2021
කුරුණෑගල පුර සභාව පොහොර මල්ලෙනුත් කෝටියකට විදලා කුරුණෑගල මහ නගර සභාව කොම්පෝස්ට් පොහොර ඇසිරීම සඳහා යැයි පවසා කිසිදු අවශ්‍යතාවයකින් තොරව ව්‍යාජ ආයතනයකින් පොලිසැක් මළු තොගයක් මිලදී ගෙන සිදුකර ඇතැයි කියන රුපියල් කෝටියකට ආසන්න මූල්‍යමය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා ) විමර්ශනයක් අරඹා ඇත. 20 November 2021
සමාගමක් මුතුරාජවෙල පර්චස් 65,000ක් බූදලයට ලියාගෙන පරිසර සංවේදී කලාපයක්වන මුතුරාජවෙල වගුරු බිමෙහි පර්චස් හැට පන් දහස් එකසිය දෙකක (65,102) භූමි ප්‍රමාණයක් පර්චසය රුපියල් 500 බැගින් මිලදීගෙන ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා ) ඉහළ අවධානය යොමුවී ඇත. 20 November 2021
ඉඩම් කොමිසමේ ලිපිගොනු 200 ක් අතුරුදන් ඉඩම් කොමිෂන් සභාවේ වටිනා ඉඩම් පිළිබඳ ලිපිගොනු 200 කට ආසන්න ප්‍රමාණයක් අස්ථාන ගත වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී ඇත. 20 November 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (20) දිනයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 20 November 2021
මාතර රෝහලේ ළදරු මළ සිරුරු ගොඩ ගැසිලා අවසන් කටයුතු සිදු කිරීම සදහා රැගෙන නොගිය ළදරු මළ සිරුරු හා කොටස් 150 ක් පමණ මාතර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතාගාරයක් තුළ වසරක පමණ කාලයක් තිස්සේ ගොඩ ගැසී තිබෙන බව රෝහල් ආරංචී මාර්ග සදහන් කරයි. 20 November 2021
අද ආසාදිතයන් 745 ක් කොවිඩ් ආසාදිත තවත් රෝගීන් 236 දෙනකු අද(19) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 19 November 2021
වෙනස්ම විදියේ එන්නතක් එනවා ’කොවිඩ් 19’ වයිරසය අඩපණ කළ හැකි අලුත්ම විදියේ ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වා දීමට ප්‍රංශ ඖෂධ නිෂ්පාදන සමාගමක් සූදානම් වෙයි. ’වැල්නෙවා’ නමැති මෙම ඖෂධ නිෂ්පාදන සමාගම හඳුන්වාදෙන එන්නත නම් කර ඇත්තේ ’වැල්නෙවා - VLA2001’ යන නමිනි. 19 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026