වසූරිය වයිරස කුප්පි හමුවෙලා: ජංජාලයයි වසූරිය වයිරසයේ විෂබීජ අඩංගු වයිරස කුප්පි 15 ක් ඇමෙරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ මොන්ටිගොමරි ප්‍රාන්තයේ ඖෂධ සමාගමකින් හමුවීමත් සමඟ මහත් ආන්දෝලනයක් හටගෙන ඇත. වසූරිය යනු එන්නත්කරණය මගින් ලොවෙන් තුරන් කළ ඉතාමත් බිහිසුණු මාරක වයිරසයකි. 19 November 2021
පළාත් පාලන අයවැය: නිදහසේ තීරණ ගන්න ශ්‍රී.ල.නි.ප මන්ත්‍රීන්ට ඉඩ පළාත් පාලන ආයතනවල ඉදිරි අය-වැයවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් කිසිදු බලපෑමක් සිදු කරන්නේ නැතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (19) පැවසීය. 19 November 2021
නැවේ ගින්නෙන් වූ හානියට වන්දි ඉල්ලා උද්ඝෝෂණයක් කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ සමුද්‍ර විනාශය පිළිබඳ පර්යේෂණ පාමාවීම සහ ඉන් පීඩාවට පත්වූවන්ට මෙතෙක් වන්දි ලබානොදීම සම්බන්ධයෙන් විරෝධය පා සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණයක් බත්තරමුල්ල සවුසිරිපාය ඉදිරිපිට දී අද (19) පැවැත්විණි 19 November 2021
ආසාදිතයන් තව 509 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 509 දෙනකු අද (19) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 19 November 2021
කොවිඩ් මරණ 14 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (18) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (19) තහවුරු කළේය. 19 November 2021
ජනාධිපති නිලධාරීන්ගේ වාහන පෙළපාළිය රුහුණු කුමාරිටත් වඩා දිගයි ජනාධිපතිවරයා ළඟ සිටින පහළ නිලධාරීන්ගේ වාහන පෙළපාලිය රුහුණු කුමාරියටත් වඩා දිග යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය. 19 November 2021
අමාත්‍ය මණ්ඩලය පත්කර ඇති ආකාරයට එරෙහිව පෙත්සමක් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අනුමත කර ඇති සංඛ්‍යාව ඉක්මවා යමින් වත්මන් අමාත්‍ය මණ්ඩලය පත්කිරීම නීතිවිරෝධී බව ට තීරණය කරන ලෙස ඉල්ලා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා මහතා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 19 November 2021
මහනුවර අධිවේගීයේ කොටසක් නුදුරේදීම ජනතා අයිතියට කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් ලබන 28 වැනි දා විවෘත කිරීමට නියමිත ව ඇත. 19 November 2021
සිරිලාල් කොඩිකාර මහතා දිවි සැරිය නිමකරයි මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර මහතා අභාවප්‍රාප්ත විය. 19 November 2021
නොරොච්චෝලේ යට වූ ගොවි බිම් විනාශයි නොරොච්චෝලේ නාරක්කල්ලිය - පනිඅඩිය ප්‍රදේශවලට ඉකුත් දිනවල ඇද හැළුනු වාර්ෂාව හේතුවෙන් එකතු වූ ජලය දින 11කට ආසන්න කාලයක් තිස්සේ බැස නොයාමෙන් ගොවි බිම් රැසක් විනාශ වී ඇතැයි පොලිසිය කියයි. 19 November 2021
මොරටු සරසවියේ බහුකාර්ය රොබෝ වාහනේ කප් ගහලා කොරෝනා වාට්ටුවල සිටින රෝගීන් වෙනුවෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් නිපදවූ බහු කාර්ය රොබෝ ප්‍රවාහන ඒකකයට ‘කොඩිඩ් 19 සැලසුම් නිර්මාණ’ තරගාවලියේදී ප්‍රථම ස්ථානය හිමිවිය. 19 November 2021
හිටපු හමුදාපති මහේෂ්ට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක් හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ලෝකයේ විශිෂ්ඨ හමුදා නායකයකු වශයෙන් ඇමැරිකාවේ එක්සත් ජනපද අණ හා මාණ්ඩලික විද්‍යාලයේ විශිෂ්ඨතමයන්ගේ ලයිස්තුවට එක්කර මින් ගෞරව සම්මානයෙන් පිදුම් ලබා ඇත. 19 November 2021
රැඳවියන්ගේ සුවදුක් බලන්නත් නව තාක්ෂණය පවුලේ ඥාතීන්ට බන්ධනාගාර රැඳවියන්ගේ සුවදුක් විමසීම සඳහා ‘‘ඉ-විසිට්‘‘ නමින් නව තාක්ෂණ ක්‍රමවේදයක් මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් වි.ආර්. සිල්වා මහතා පවසයි. 19 November 2021
මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ ’’මිලේනියම් සිටි’’ හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය. 19 November 2021
රේගුවෙන් පිටවූ හිස් කන්ටේනරයට කුණු අල තොග මගදී පටවලා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පෞද්ගලික ගබඩාවක තිඛියදී පසුගිය 17 වැනිදා සොයාගත් මිනිස් පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ හතලිස්දාහක් (40,000) ගබඩා කර තිබූ කන්ටේනරය පසුගිය සැප්තැම්බර් මස හිස් කන්ටේනරයක් ලෙස කොළඹ වරායෙන් පිටවූ එකක් බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 19 November 2021
ගෑස් හිඟය ඉදිරියේදී අවසන් වන හැඩ ලිට්රෝ ගෑස් සමාගම ඉදිරි දින කිහිපයේදී ගෑස් මෙට්‍රික්ටොන් ලක්ෂ තුනකට අධික ප්‍රමාණයක් වෙළඳපොළට ඉදිරිපත් කරන බව එම සමාගමේ අලෙවි සහ වෙළෙඳ අංශයේ උසස් නිළධාරියෙක් පැවසීය. 19 November 2021
ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉහළට ලෝක වෙළඳපොලේ රත්තරන් මිල ඉහළ යාමත් සමග කොළඹ හෙට්ටිවීදිය කැරට් 24 රත්තරන් පවුමක මිල රුපියල් 10000 කට ආසන්න මුදලකින් ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 19 November 2021
ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය. 19 November 2021
චම්පිකගෙන් අනුරට විවෘත සංවාදයකට ආරාධනා ඇමතිවරයෙකු ලෙස තමන් කළ කාර්යයන් සම්බන්ධයෙන් සැකයක් චෝදනාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් මුහුනට මුහුන හමුවී විවෘත, හෘදයාංගම හා සුහද සංවාදයක් සඳහා තමන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා වෙත ආරාධනා කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 19 November 2021
පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂ යළි සී.අයි.ඩීයට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතාට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් යළිත් කැඳවීමක් ලැබී ඇත. 19 November 2021
“ගන්දර සමන්” එස්.ටී.එෆ් දැලේ දකුණු පළාතේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජියකු වන “ගන්දර සමන්” නැමැත්තා ටී 56 උණ්ඩ යෙදි හැකි ගිනිඅවියක්, ටී 56 උණ්ඩ 12 ක් හා කඩුවක් සමග විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 19 November 2021
අනතුරක් වළක්වා නොගත්තැයි නීතිඥවරිය රිමාන්ඩ් කොටදෙණියාව මැල්ලවගෙදර - පන්නල මාර්ගයේදී වූ අනතුරකින් යතුරු පැදිකරු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෝටර් රථය පැදවූ නීතිඥවරියක ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සංජීව හෙට්ටිආරච්චි මහතා නියෝග කළේය. 19 November 2021
චීන පොහෝරවලට මුදල් ගෙවීම වළකාලමින් පැනවූ නියෝගය යළි දික් කරයි චීන පොහොර සමාගම විසින් නිකුත් කළ ණයවර ලිපිය අනුව මුදල් ගෙවීම වළකාලමින් කොළඹ වානිජ මහාධිකරණය මහජන බැංකුවට සහ එහි දේශීය නියෝජිත ආයතනයට නිකුත් කළ වාරණ නියෝගය ලබන 30 දක්වා දීර්ඝ කිරීමට කොළඹ වානිජ මහාධිකණය අද නියෝග කළේය. 19 November 2021
කොටි විරුවන් සමරන්න ගිය මන්ත්‍රිට අධිකරණයෙන් තහනම් නියෝගයක් එල්.ටි.ටි.ඊ සංවිධානයේ මියගිය සාමාජිකයින් සිහිකරමින් මහ විරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වාලමින් වවුනියාව මහේස්ත්‍රාත් එම්.එස්.සම්රූන් මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවශක්ති ආනන්දන් ඇතුළු පුද්ගලයන් අටදෙනකුට තහනම් නියෝගයක් නිකුත් කළේය. 19 November 2021
ජී.එස්.පී ප්ලස් ගැන ඇමැති ජී. එල් මැතිසබයට කියයි ජී.එස්.පී ප්ලස් ලබා ගැනීමේ කොන්දේසි සපුරා ගැනීම සඳහා අංග සම්පූර්ණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය. 19 November 2021
දෙමටගොඩ රුවන් යළි රිමාන්ඩ් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් ලබන 03 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (19) නියෝග කළේය. 19 November 2021
උද්ඝෝෂණයට ගිය මන්ත්‍රීවරුන්ට පී.සී.ආර් කරන්න සමගි ජන බලවේගයේ උද්ඝෝෂණයට සහභාගීවූ සියලුම මන්ත්‍රීවරුන් පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කරන්නැයි තමා ඉල්ලීමක් කරන බව සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවැසීය. 19 November 2021
වසර 580කට පසු දීර්ඝතම චන්ද්‍රග්‍රහණය අද වසර 580 කට පසු සිදු වන දීර්ඝතම අර්ධ චන්ද්‍රග්‍රහණය අද (19) සිදු වන දින සිදුවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. 19 November 2021
එජාප නියෝජ්‍ය නායක රුවන් ගමට යයි එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහාපක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මොනරාගල හා අම්පාර දිස්ත්‍රික වල සිව් දින සංචාරයක නිරත වෙයි. 19 November 2021
වැස්ස අඩුවෙන ලකුණු දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය අදින් (19) පසු තරමක් අඩුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026