'යළ කන්නයේ සිට රසායනික පොහොර' පොහොර ප්‍රශ්නයට පැලැස්තර විසඳුම් නොදී යළ කන්නයේ සිට රසායනික පොහොර ලබාදිය යුතු යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. 22 November 2021
ගැණුම්කරුවන් නැතුව ආර්ථික මධ්‍යස්ථාන පාළුවට ප්‍රමාණවත් තරම් එළවළු තොග නොමැතිවීම සහ තිබූ එළවළුවල මිල අධිකවීම හේතුවෙන් පෑලියගොඩ මැනිං වෙළඳපලේ අලෙවිසැල් බොහොමයක් අද (22) පෙරවරුවේ සිට වැසී ගොස් තිබීමෙන් එය පාළුවට ගොස් තිබිණි. 22 November 2021
සිරිල් ගාමිණි පියතුමා පැය 5කට පසු සී.අයි.ඩී.යෙන් පිටව යයි රාජ්‍ය බුද්ධි සේවගේ අධ්යක්ෂ සුරේෂ් සලේ මහතා විසින් සිදුකරනු ලැබූ පැමිණිල්ලට අදාළව තෙවැනි දිනටත් පැය පහකට ආසන්න වේලාවක් ප්‍රකාශ ලබා දුන් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබේ. 22 November 2021
රංජන් රාමනායක සතුව තිබී ජංගම දුරකථනයක් හසුවෙයි වැලිකඩ බන්ධනාගාර රෝහලේ රදවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතා සතුව තිබී ජංගම දුරකථනයක් හා හෑන්ඩ්ස් ෆ්‍රී එකක් අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 22 November 2021
උණවටුනේ වැඩිහිටි නිවාසයක 28 කට කොරෝනා උණවටුන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නේවාසිකයන් 164 දෙනෙකු සදහා ඊයෙ (22) සිදුකළ ඇන්ටිජන් පරීක්ෂණයකදී නේවාසිකයන් 28 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. 22 November 2021
ලක් සතොසට ස්ථාවර වත්කම් මිලදී නොගැනීමට තීරණයක් ලක් සතොස සඳහා ස්ථාවර වත්කම් මිලදී නොගැනීමට තීරණය කර ඇතැයි ,වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීප ට පැවසීය . 22 November 2021
තවත් ආයතන දෙකක ප්‍රධානීන් මේසතියේ කෝප් කමිටුවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප් කමිටුවට ) මේසතියේ කැඳවීමට තීරණය කර ඇත. 22 November 2021
ජෝසෆ් ස්ටාලින්ගෙ අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කරයි සාමකාමී උද්ඝෝෂණ වල නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇප නියම කිරීමෙන් අනතුරුව බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානයක රදවා ගැනීමෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බවට තීරණය කරන ලෙස ඉල්ලා ඔහුගේ නීතීඥවරයා ගොනු කර තිබූ පෙත්සම විභාගය නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) තීරණය කලේය. 22 November 2021
බත් පාර්සලය-ප්ලෙන්ටිය ගණන් උස්සයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 5 කින් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. 22 November 2021
'අවංකව රට ගොඩ නගනවා නම් ඊට උපරිම සහාය අපෙන්‘‘ රට අවංකව ගොඩ නගනවා නම් ප්රගතිශීලී විපක්ෂයක් ලෙස ඊට උපරිම සහයෝගය දෙන්නට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය. 22 November 2021
යුගදනවියට එරෙහිව හිටපු ජවිපෙ මන්ත්‍රීවරුන් ගොනු කළ පෙත්සම් සලකා බැලීමට දිනයක් කෙරවලපිටිය යුගදනව් බලාගාරයේ රජය සතු කොටස්වලින් සියයට හතළිහක් අමෙරිකානු සමාගමක් වෙත පැවරූ ගිවිසුම බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති සහ වසන්ත සමරසිංහ යන මහත්වරු ගොනු කල රිට් පෙත්සම ලබන වසරේ පෙබරවාරි මස 01 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද ( 22) තීරණය කළේය. 22 November 2021
ලංගම සේවකයින් 30,000 ප්‍රසාද දීමනාවක් ඉල්ලයි ලංකා ගමනා ගමන මණ්ඩලයේ (ලංගම) සේවකයන්ට රුපියල් 30,000 කඩිනම් ප්‍රසාද දීමනාවක් ලබාදීමට මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 22 November 2021
මුතුරාජවෙල පරිසර සංවේදී කලාපයක් කළ ගැසට්ටුව බල රහිත කරන්නැයි පෙත්සමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මුතුරාජවෙල තෙත්බිම පරිසර සංවේදී කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ යටි අරමුණ වන්නේ එම තෙත්බිම තුළ සුඛෝපභෝගී හෝටල් , ගෝල්ෆ් ක්‍රීඩා පිටි ආදිය ඉදිකිරීම සදහා අයෝජකයින්ට අවස්ථාව සලසා දීමක් වන බැවින් අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසරය සුරැකීමේ සංවිධානයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත. 22 November 2021
'ශ්‍රී ලංකාව ඉතිහාසයේ බරපතලම ආර්ථික අර්බුදයට මුහුණ පාමින් ඉන්නවා' ශ්‍රී ලංකාව 1948 වසරේ නිදහස ලබාගැනීමෙන් පසුව මුහුණ දුන් උග්‍රතම ආර්ථික අර්බුදයට වර්තමානයේ මුහුණ දී සිටින බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය. 22 November 2021
මහනුවර සිට සරසවි උයන දක්වා දුම්රිය මඟ ද්විත්ව දුම්රිය මාර්ගයක් කරයි රුපියල් කෝටි 58 කට අධික මුදලක් වැය කරමින් මහනුවර සිට සරසවි උයන දක්වා තනි මාර්ගයක්ව පවතින දුම්රිය මාර්ගය ද්විත්ව මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීම පසුගියදා ආරම්භ කළේය. 22 November 2021
ලංගම බසයට ගල් ගැසූ තිදෙනකු අත්අඩංගුවට තඹුත්තේගම සිට රාජාංගණය දක්වා මගීන් රැගෙන ගමන්ගත් ලංකා ගමනා ගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් බස් රථයේ රියදුරාට සහ කොන්දොස්තරවරයාට පහරදි බස් රථයටද අලාබ හානි සිදුකළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත්බව රාජාංගණය පොලිසිය කියයි. 22 November 2021
සිරිල් ගාමිණී පියතුමා තෙවැනි දිනටත් සී.අයි.ඩී.යට සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා තෙවැනි දිනටත් අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියේය. 22 November 2021
තිස්ස කුට්ටිආරච්චිට එරෙහිව රෝහිණීගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක් බදුලු දිස්ත්‍රික් මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා, තමාටත්, සජිත් ප්‍රේමදාස විපක්ෂනායකවරයාගේ බිරිඳවන ජලනි ප්‍රේමදාස මහත්මියටත් අපහාසවන ආකාරයෙන් අදහස් ප්‍රකාශ කළ හෙයින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කර සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (22) ඉල්ලීමක් කළාය. 22 November 2021
ගජමුතු සමඟ තිදෙනකු අත්අඩංගුවට ගජමුතු ජාවාරමක නිරත පුද්ගලයන් තිදෙනකු ගජමුතු 10 ක් සමග කල්මුනේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 22 November 2021
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි නුවරඑලිය ප්‍රදේශයේ ගොවි උද්ඝෝෂණයට සහයෝගය දක්වා ඊයේ (21) තාවකාලිකව වසා දමා තිබු නුවරඑලිය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය අද (22) විවෘත කළ බව සමස්ත ලංකා විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය. 22 November 2021
‘ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ’ තමා ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව ’’පෞද්ගලීකරණය’’ වන්නේ නැතැයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 22 November 2021
'රටපුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනපතිගෙන් යළි විශේෂ ආඥාවක්' මහජන ආරක්ෂාව සඳහා දිවයින පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ ආඥාවක් යළිත් නිකුත් කරනු ලැබ ඇත 22 November 2021
බන්ධනාගාර වෑන්රිය වන අලියෙකුගේ ගැටී නියාමක මරුට දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ සීගිරිය, දිගම්පතහ ප්‍රදේශයේදී අද (22) බන්ධනාගාර වෑන් රථයක් වල් අලියෙකුගෙ ගැටීමෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ තාප්පයක ගැටීමෙන් සිදු වූ අනතුරකින් එහි ගමන් ගත් බන්ධනාගාර නියාමකවරයෙකු මියගොස් ඇතැයි සීගිරිය පොලීිසිය කියයි. 22 November 2021
විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු සීමා කරයි විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ විද්‍යුත් ලේඛන සත්‍යාපනය කිරීමේ පද්ධතියේ බිඳවැටීමක් හේතුවෙන්, අද (22) සිට නැවත දැනුම් දෙන තුරු කොන්සියුලර් අංශයේ අදාළ සේවා ලබා ගත හැක්කේ 150 දෙනෙකු සදහා පමණක් යැයි එම අමාත්‍යාංශය කියා සිටී. 22 November 2021
’’ෆයිසර්’’ මාත්‍රා ලක්ෂ 15ක් මෙරටට එන්නත්කරණ වැඩසටහන යටතේ, ශ්‍රී ලාංකිකයන් වෙත තෙවන එන්නත් මාත්‍රාව ලෙස ලබා දීම සදහා ඇමෙරිකාවේ ’’ෆයිසර්’’ එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද (22) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන විත් තිබේ . 22 November 2021
හෙට සිට යළිත් වැසි දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් ඇති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (23) සිට යළිත් රට පුරා වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 November 2021
කට්ට පැන්න මන්ත්‍රී ගස් බඳියි මත්පැන් පානය කොට ගල්පාත ප්‍රදේශයේ අශෝබන ලෙස ප්‍රදේශවාසීන්ට හිරිහැර වන පරිදි හැසුරුණු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ප්‍රදේශවාසීන් විසින් ලයිට් කනුවක බැඳ තබා කළුතර උතුර පොලීසියට බාර දෙනු ලැබීය. 22 November 2021
එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් දිවයිනට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන සහ සාමය ගොඩනැංවීමේ සහ සාම මෙහෙයුම් කටයුතු පිළිබඳ සහකාර මහ ලේකම් කාලිඩ් කිහාරි මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණියේය. 22 November 2021
යොහානිට ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය ‘මැණිකේ මගේ හිතේ’ ගීතයෙන් ලොව පුරා ජනප්‍රිය වූ යොවුන් ගායන ශිල්පිනී යොහානි ද සිල්වා මෙනවියට සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරකීමේ සංවිධානය ‘කළා කීර්ති අභිමාණී’ සම්මානය පිරිනමා තිබේ. 22 November 2021
‘‘ඩෙල්ටා අලුත් ප්‍රභේදය දරුවන් සහ තරුණයන් අතරේ පැතිරීමේ අවදානමක්‘‘ මෙරටින් හමුවූ කොරෝනා ඩෙල්ටා උප ප්‍රභේදය පාසල් ළමයින් සහ තරුණ ප්‍රජාව අතර පැතිරීම සුලභව දැකිය හැකි බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. 22 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026