(අංජුල මහික වීරරත්න)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට එවන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මියගෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා තිබෙි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දුරකථන සාකච්ඡාවක් පැවැත්වා අැති අතර එහිදී අග්‍රාමාත්‍යවරයා ඉහත ඉල්ලීම කර තිබෙි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ නියොජිත කාණ්ඩයම පැමිණි විට කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරිමට හැකි බව අග්‍රාමාත්‍යවරයා දැනුම් දී තිබෙි.
ශ්‍රී ලංකාවෙි වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා වී ඇත.
ශ්‍රී ලංකාව සහ මුල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අවසන් කිරීම මත මූල්‍ය සම්බන්ධතා සාකච්ඡා රඳා පවතින බව අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා තිබෙි.
දුෂ්කර කාලයේදී ශ්‍රී ලංකාවට සහාය වීමට මුල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැති දුරකථන සාකච්ඡාවේදී කැමැත්ත පළ කර අැතැයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මහත්තයා, ඔයාට බැරිනම් ලංකාව හදන්න වෙන කෙනෙක් නැහැ. ජයවේවා..!
ඔය අයගේ ආඩම්බර බලන්නේ නැතිව අපි චීනයෙන් ආධාර ගනිමු..
ඔලුගෙඩි මාරුකරලා හිටපු ඇමැතිවරුන්ම ඉන්න මේ ආණ්ඩුවට උදව් ලැබිලත් රටට යහපතක් වෙයිද මන්දා..?
තත්වය ඒ තරම්ම දරුණුයි.
මේ මනුස්සයා කාගෙන් හරි ණය ගැනීම හැර වෙන කිසිදෙයක් දන්නේ නැහැ...!