(යොහාන් භාසුර)

ලිට්‍රෝ  සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3900ක්  රැගත් නෞකාවක් කොළඹට අද (8) ළගා වූ බව   ලිට්‍රෝ  සමාගමේ සභාපති ඉංජිනේරු  විජිත හේරත් මහතා පැවසීය.

 එම ගෑස් තොගයට ගෙවීම සඳහා ඩොලර් මිලියන 2.5 ක් ලබාගැනීමට සාකච්ඡා කරමින් සිටින බව කී විජිත හේරත් මහතා එම ගෑස් තොගය තවත් දින 6ක් අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයීමට ප්‍රමාණවත් බව ද සඳහන් කළේය.