
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න
පාර්ලිමේන්තුවේ කෝප් ,කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සභාපති ධූරය විරුද්ධ පක්ෂයට ලබා දිය යුතු බවට විපක්ෂයේ නායකයන් ඉදිරිපත් කළ යෝජනාවක් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් පසු ඊයේ (7)එකඟත්වයට පැමිණ ඇත.
එමෙන්ම පාර්ලිමේන්තුවේ කෝප් ,කෝපා සහ මහජන පෙත්සම් කාරක සභාවල සාමාජිකයකුට අනුගාමී රැස්වීම් තුනකට සහභාගි වීමට නොහැකි වුවහොත් ඒ සාමාජිකයා සාමාජිකත්වය හැර ගියා සේ සැලකෙන සංශෝධනයකටද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ එකඟත්වය හිමිවිය.
පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් ) ,රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා) සහ මහජන පෙත්සම් කාරක සභාවේ බලතල වැඩි කිරීම සඳහා සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රජය වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු ස්ථාවර නියෝග සංශෝධන කිරීමේ කෙටුම්පතට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී (පක්ෂ නායක රැස්වීම) එකඟතාව ලැබී ඇත.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(7) පස්වරුවේ රැස් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පවසන්නේ මේ කාරණය පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ සාකච්ඡාවට ලක් කිරීමෙන් පසු ඊට මූලික එකඟතාවය ලැබුණු බවය.
මෙම කාරක සභා වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් නොනැවතී තවත් ඉදිරියට ගමන් කිරීමට බලතල ලබාදීම සඳහා මෙම සංශෝධන ගෙන ආ බව සභානායකවරයා සඳහන් කළේය.
කෝප් සහ කෝපා කාරක සභාවල සාමාජික මන්ත්‍රීවරුන් කිසිවෙක් කැබිනට් අමාත්‍යධූර නොදැරිය යුතුය යනුවෙන්වූ සංශෝධනයක්ද සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාවලට ඇතුළත් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනව වුනත් මහාචාර්ය හේරත් ඒ කටයුත්ත විශිෂ්ඨ ලෙස කරනව.ඔහුට එය කරන්න දෙන්න...
යන්නේ හරි පැත්තට, ඒත් පරක්කු වැඩියි නේද?
විපක්ෂයට දෙනවා නම් ජේවීපියට දෙන්න අනික් අයට බාර දීම හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ සිටීවි.