
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා දැව සංස්ථාව පසුගිය වසරේදී රුපියල් බිලියන 1.5ක ලාභයක් අත්පත් කරගෙන ඇතැයි සංස්ථා ප්‍රගති සමාලෝචන රැස්වීමෙිදී අනාවරණය වී තිබේ.
කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රගති සමාලෝචන රැස්වීම පැවැත්විණි.
සෑම වසරකම රාජ්‍ය දැව සංස්ථාව රුපියල් මිලියන 2000ක මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදෙන අතර මෙම වසරේ ද එම මුදල ලබා දීමට කටයුතු කරන බව එහෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී රැස්වීමේ දී අනාවරණය විය.
දැනට දැව සංස්ථාව සතුව පවතින කළුවර දැව බහාලුම් 20ක ප්‍රමාණය මිශ්‍ර කර දැව භාණ්ඩ නිපදවා විදේශ රටවලට අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙසත්, එම ගෘහ භාණ්ඩ විදේශ රටවලට අලෙවි කිරීම මඟින් විදේශ විනිමය උපයා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතින් මේ ගොල්ලන්ට දැව සපයන්න කියලා තියෙන ඉතුරු කැලෑවල් ටිකත් විනාශ කරන්න පටන් ගන්න විතරක් එපා. අර කැබිලිත්ත කැලේටත් දැන් වැඩේ දීගෙන යන්නේ.