රසායනික පොහොර ආනයනයට අද සිට අවසර රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදීම පිළිබඳ ගැසට් නිවේදනය අද නිකුත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 24 November 2021
බොහෝ ප්‍රදේශවලට වැසි දිවයිනට ගිනිකොණ දෙසින් නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය ඉදිරි පැය කිහිපය තුල අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 24 November 2021
උපන් හැටියේ වළ දැමුවත් දිවි තොර කරන්න බැරි වෙයි යාපනය චාවකච්චේරිය ප්‍රදේශයේ කතක බිහිකළ බිලිදියක පණපිටින් වලා දමා තිබියදී චාවකච්චේරි බේරාගත් බව පොලිසිය පවසයි . 24 November 2021
යාපනයේ වත්තක වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයගනී යාපනය කොඩිකාමම් මන්දුවිල් ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබූ එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල, බෝම්බ ඇතුල ආයුධ රැසක් සොයාගත් බව පොලීසිය පවසයි. 24 November 2021
ටිපර් රථයෙන් ආ මරුවා දෙකක් ඩැහැ ගනී පොලොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ආච්චි බෝක්කුව ප්‍රදේශයේදි අද අලූයම එකට පමණ ටිපර් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ වූ අනතුරකින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මියගොස් කාන්තාවක් තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලීසිය කියයි. 24 November 2021
හොර රහසේ විදුලිය ලබාගත් විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියා මාට්ටු විශ්‍රාමික උසස් පොලිස් නිලධාරියකු සිය හෝමාගම ගලවිල වත්ත ශාන්ති මාවතේ නිවස ඉදිරිපිටට එළිය වැටෙන ආකාරයෙන් හොර රහසේ විදුලිය ලබාගෙන තිබිය දී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය කියයි. 24 November 2021
අධිවේගයේදී රියදුරන් දෙදෙනා බස් රථ දෙක මාරු කරගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බස් රථ දෙකක රියදුරන් කළුතර ප්‍රදේශයේදී බසර රථ නවතා එම රියැදුරන් දෙදෙනා , බස් රථ දෙකට මාරු වන අයුරු එම බසයක සිටි මගියකු ඡායාරූප ගත කර ඇත. 23 November 2021
අලුත් ආසාදිතයෝ 542 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 542 දෙනකු අද (23) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 23 November 2021
කොරෝනා මරණ තවත් 24 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 24 දෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (23) තහවුරු කළේය. 23 November 2021
සාපෙළ විශිෂ්ටයෝ අගමැති හමුවෙති සාමාන්‍ය පෙළ විභාගයෙන් (2020) විශිෂ්ට ප්‍රතිඵල ලැබූ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද (23) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූහ. 23 November 2021
කළුතර ප්‍රදේශ රැසකට ජලය කපයි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අනිද්දා (25) පැය 10 ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි. 23 November 2021
මාවනැල්ලේ නිවෙසක එළ ගවයන් අටක් මරලා මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ තිරිංගදෙණිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස නිවසක ගවයින් අට දෙනෙක් ඝාතනය කොට තිබියදී සැකකරුවන් හතර දෙනකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ කෑගල්ල කදවුර කියයි. 23 November 2021
හිටපු මහබැංකු අධිපතිගෙන් වීඩියෝ තාක්ෂණයෙන් සාක්කි ගන්නැයි කළ ඉල්ලීම ඉවතට මහ බැංකු භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් දසදෙනෙකුට එරෙහි නඩුවේ වීඩීයෝ තාක්ෂණය ඔස්සේ හිටපු මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්සාමි මහතාගේ සාක්කි මෙහෙයවීමට නීතීපතිවරයා කළ ඉල්ලීම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවෙන් අද ප්රතික්ෂෙප කළේය. 23 November 2021
කුලියාපිටිය රැඳවුම් නිවසේ දැරියන් 36කට කොරෝනා කුලියාපිටිය අධිකරණය මගින් පාලනය වන රැඳවුම් ළමා නිවාසයේ දැරියන් 36 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි. 23 November 2021
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 37කට කොරෝනා අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් 37 දෙනකුට හා පොතුවිල් පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරින් 11 දෙනකුටද කොවිඩි වයිරසය ආසාදනය වී ඇතැයි කල්මුනේ ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජී. සුගුණන් මහතා පැවසීය. 23 November 2021
ටෙස්ට් තරගය හෙට සිට ප්‍රේක්ෂකයන්ට විවෘතයි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන හෙට (24) සිට ක්‍රීඩාංගණයට පැමිණ තරගය නැරඹීමේ අවස්ථාව ප්රේක්ෂයන්ට හිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. 23 November 2021
රන් භාණ්ඩ සොරාගත්තැයි කියූ කත නිදොස් කොට නිදහස් සැකකරුවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරිමේ දි නීතියට අනුව නිසියාකාරව සිදු නොකළහොත් විත්ති පාර්ශවයට වන්දි ගෙවීම සඳහා අදාල පොලිසියට නියෝග කිරීමට සිදු වන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික රාගල මහතා අද (23) කුරුඳුවත්ත පොලිසිය වෙත අවවාද කරමින් සඳහන් කළේය. 23 November 2021
පාලම් පාරුව පෙරළිමෙන් කුපිත වු පිරිස් පා.ම. නිවසට පහර දීලා පාළම පාරුව පෙරළී හය දෙනකු මියගොස් තවත් 19 දෙනෙකු තුවාල ලැබීමේ සිද්ධියට කුපිත වු පිරිසක් මුස්ලිම් කොන්ග්‍රසයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම් එස් තවුහික් මහතාගේ කින්නියා නිවසට පහර දී අලාභ හානි සිදුකර ඇති බව පොලිසිය කියයි 23 November 2021
හරිත ඵලදායිතා මෙවලම් සහ ශිල්ප ක්‍රම භාවිතය වෙනුවෙන් විජය පුවත්පත් සමාගම ඇගයේ කම්කරු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සහ ආසියානු ඵලදායීතා සංවිධානයේ දායකත්වය ඇතිව ජාතික ඵලදායීතා ලේකම් කාර්යාලය සංවිධානය කල ‘හරිත ඵලදාතා මෙවලම් සහ ශිල්ප ක්‍රම මුද්‍රණ කර්මාන්තයට ව්‍යාප්ත කිරීමේ සම්මන්ත්‍රණය’ කම්කරු අමාත්‍ය නිමල් සිරිපල ද සිල්වා මහතාගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී ඊයේ (22) පැවැත්විණි. 23 November 2021
පාස්කු ප්‍රහාරයේ චෝදනා ලැබූ මවුලවිවරු ඇතුළු 25 ට එරෙහි නඩුව කල් යයි කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන ආගමික අන්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 250 කට අධික පිරිසක් මරා දමා තවත් 500 කට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවි වරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙනාට එරෙහි නඩුව ලබන වසරේ ජනවාරී මස 12 වැනිදා යළි කැඳවීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (23) නියම කළේය. 23 November 2021
'රක්ෂණ නියෝජිතයන්ට සාධාරණය ඉටු කරන්න නීති ගේනවා' රක්ෂණ නියෝජිතයන්ට සාධාරණය ඉටු කිරීම සඳහා නීති ගෙනඒම සඳහා සූදානම් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 November 2021
කටුනායක ගුවන් තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර විවෘත කරයි කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර ( බී පැකේජය) බ්‍රහස්පතින්දා (25) පෙරවරුවේ සුබ මොහොතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කරන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 23 November 2021
ස.ජ.බ.ට සහය දැක්වූ 21 ක් යළි එජාපයට එක්සත් ජාතික පක්ෂය හැරගොස් සමගි ජන බලවේගයට සහයෝගය දැක්වූ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල මහජන නියෝජිතයින් 21 දෙනෙකු නැවත එක්සත් ජාතික පක්ෂය සමග එක්වූ බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. 23 November 2021
එල්.පී.එල්. බලන්න ප්රේක්ෂයන්ට අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීමට සීමිත ප්‍රේක්ෂක සංඛ්‍යාවකට ක්‍රීඩාංගණයට පැමිණීමට අවස්ථාව ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 23 November 2021
'අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට අටක්වත් වෙන් කරන්න' දළ ජාතික නිෂ්පාදනයෙන් 8% ක් වත් අධ්‍යාපනය සඳහා ඉදිරියේදී වෙන් කිරීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා කොළඹ දී පැවසීය. 23 November 2021
පාරුව පෙරළි මිය ගිය අය අතර මව සහ දරු දෙදෙනා ත්‍රිකුණාමලය කින්නියා කුරිඤ්ඤකර්නි කලපුවේ පාරුවක් පෙරළීමෙන් මිය ගිය 6 දෙනා අතර එකම පවුලේ මව සහ දරුවන් දෙදෙනාත්, තවත් පවුලක වැඩිමහල් දරුවන් දෙදෙනාත් සිටින බවට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. 23 November 2021
'පාස්කු ප්‍රහාරයේ ඇත්ත සඟවා ඒ් ගැන සොයන අයගේ කටවල් වහනවා' පාස්කු ඉරුදින ප්‍රහාරයේ ඇත්ත සොයනවා වෙනුවට ඒ පිළිබඳ කතා කරන අයගේ කටවල් වැසීම ආණ්ඩුවේ වැඩපිළිවෙළ බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය. 23 November 2021
මහින්ද සමරසිංහ මන්ත්‍රී ධූරයෙන් ඉවත් වී ඇමරිකා යයි ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධූරය බාරගැනීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වී ලබන 29 වැනිදා එරට බලා පිටත්ව යන බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය. 23 November 2021
පාර්ලිමේන්තු ගුරුත්වය කෙළෙසන පිරිසක් ගැන මන්ත්‍රිනී හරිනි කියයි පාර්ලිමේන්තුවෙි දී කාන්තාවන්ට හිංසාකාරී අයුරින් ලෙස සලකන පුද්ගලයන් මෙන් ම ඊට අනුබල දෙන අයත් පාර්ලිමේන්තු ගරුත්වය කෙළෙසෙන බව පත් කළ මන්ත්රීනී හරිනි අමරසූරිය මෙනවිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේ දී අද පැවසුවාය . 23 November 2021
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026