(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
වහාම අද රාත්‍රී 8 ට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දෙමින් අභියාචනාධිකරණය අද (09) හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියෝගයක් නිකුත් කළේය .
තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගොනුකළ රිට් පෙත්සම අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විණි.
මෙම නියෝග නිකුත් කරනු ලැබුවේ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd