IMG-LOGO

'රාජපක්ෂ පවුලම පාර්ලිමේන්තුවෙන්-දේශපාලනයෙන් ඉවත්විය යුතුයි'

(ඩයනා උදයංගනී)

මේ අවස්ථාවේ රටට ඇතිවී තියෙන ප්‍රශ්නයට යුක්ති සහගත විසඳුම වන්නේ බැසිල් මහතා පමණක් නොව මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, නිපුණ රණවක යන රාජපක්‍ෂ පවුලේ මේ සියලු දෙනා පාර්ලිමේන්තුවෙන් හා දේශපාලනයෙන් ඉවත්වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

රට මේ තත්වයට වට්ටවා යළිත් 1960 යුගයට රැගෙන ගොස් ජනතාව නැවත පයින්, බයිසිකලෙන් යන, හරකුන්ගෙන් කුඹුරු හාන හා විදුලිය නැති තත්වයට පත්කළේ මෙම මේ පවුල බව කී මන්ත්‍රීවරයා ඔවුන් රට 1960 යුගයට රැගෙන යන අතර, තමන්ට 2300 වසර දක්වා අවශ්‍ය ධනය උපයාගෙන ඇතැයි ද සඳහන් කළේය.

බැසිල් රාජපක්‍ෂ මහතා සද්භාවයෙන් ඉවත් වී තම රටට යනවා නම්, එය මෙරටට ලොකු උදව්වක් යැයි ද පාඨලී චම්පික රණවක මහතා කීවේය.

ඔහු මේ බව පැවසුවේ නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී අද (9) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

සර්වපාක්‍ෂික හෝ අන්තර්කාලීන නොවන සැලූන් දොරක් මෙන් විවෘත හා රාජපක්‍ෂවරුන් අතේ දුරස්ථ පාලකය තිබෙන මේ ආණ්ඩුවට දායකවීමේ කිසිඳු අදහසක් තමන්ට නැතැයි කී මන්ත්‍රීවරයා සර්ව පාක්ෂික අන්තර්කාලීන හා මැතිවරණයක් පවත්වන තෙක් කාල සටහනක් ඇති ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් එවැන්නක ඕනෑම වගකීමක් දරන්නට සූදානම් බව ද පැවසීය.

බොහෝ අවස්ථාවල තීරණ ගත්තේ රට ගැන මිස පුද්ගලික වාසි බලාගෙන නොවන බැවින් තමන්ට තානාන්තර ගැන ගැටලුවක් නැතැයි හෙතෙම කීය.



අදහස් (2)

'රාජපක්ෂ පවුලම පාර්ලිමේන්තුවෙන්-දේශපාලනයෙන් ඉවත්විය යුතුයි'

Perera Friday, 10 June 2022 04:36 AM

1960 රට දැනට වඩා හොඳයි. 1960 විනිමය අනුපාතය බ්‍රිතාන්ය පවුමට රුපියල් 3යි.

:       0       0

bamunuarachchi Friday, 10 June 2022 12:55 PM

ඒක රටේ ජනතාවට අයිති කාරණයක්. පාර්ලිමෙන්තුවෙන් ඔබත් ඇතුළුව 225ම ඉවත් කරන්න කියලා රටේ ජනතාව කියන්නේ.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 333 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 259 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site