
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතු බව සමගි ජන බලවේගයේ මතය වුවත් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ව්‍යාපෘති තෑගි දීමෙි වැඩපිළිවෙළට විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමගි ජන බලවේගය ,සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ අනෙක් කණ්ඩායම් එකඟ වෙන පොදු කාරණා ගණනාවක් තිබෙන බව කී විපක්ෂ නායකවරයා පුනර්ජනනීය බලශක්තිය, සුනිත්‍ය බලශක්තිය ප්‍රවර්ධනය කළ යුතුව තිබෙන අතර ඒ කාරණය සඳහා පක්ෂ බවද කීය.
ගල් අඟුරු බලාගාර, ඩීසල් බලාගාර කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙන ඩීසල් මාෆියාවට විරුද්ධ බව කී විපක්ෂ නායකවරයා ආණ්ඩුව තරඟකාරීත්වය නැතිකර පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කරන බවට රටට පෙන්වන්නට හදන බව කීය.
සමගි ජන බලවෙිගය ඩීසල් මාෆියාවට යටවී ප්‍රගතිශීලී යැයි කියන පණතට විරුද්ධ වෙන බවට ආණ්ඩුව රටට පෙන්වන්නට උත්සාහ කරන බව පැවසූ සජිත් ප්‍රේමදාස මහතා තරඟකාරීත්වය අඩු කිරීම ප්‍රගතිශීලී දැයි ප්‍රශ්න කළේය.
එය ප්‍රතිගාමී තීරණයක් බවත් මේ බලන්නේ තරගකාරිත්වයක් ඇති කර රටට ඩොලර් ටිකක් හම්බ කර ගැනීමට නොව තමන්ට ඩොලර් ටිකක් උපයා ගැනීමට බවද තරඟකාරීත්වය සහමුලින්ම හකුලා දමන මෙම සංශෝධනය හකුලා ගත යුතු බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටෙන්ඩර් නැතුව ව්‍යාපෘති බාර දෙන්න වෙන හේතු ගනනාවක්ම මීට ප්‍රථම අසා තිබෙනවා. සමහර ව්‍යාපෘතිවලට ටෙන්ඩර් කරුවන් ඉදිරිපත් වෙන්නේ නැතිබව කෝප් කමිටුවේදී කියවුනා. ඒ නිසා අවස්තානුකුලව ටෙන්ඩර් නැතුව ව්‍යාපෘති බාර දෙන්න වෙනවා.
නියම විපක්ෂ නායක. මොකක් කලත් වැරදියිලු. අගමැති කම දෙන්න කතා කලා ඒක ගන්නත් කොන්දක් නැහැ.
2007 සිට ක්‍රියාත්මක උන නැති පුනර්ජනනීය විදුලිය සදහා වාර්ශිකව දීපු ටෙන්ඩර් තාම තියනවා.මේ ටෙන්ඩර් දෙන්නේ පුනර්ජනනීය ලෙස සුළං සූර්ය ශක්තිය වැනි ප්‍රබව වලින් විදුලිය ගන්ඩ විතරයි. හැබැයි මේ ටෙන්ඩර් අනුව ව්‍යපාරයන් පටන් ගන්ඩ කල් යන නිසා ඒ ඒ අවුරුද්දට පුනර්ජනනීය ව්‍යපාරයන්ට වෙන් කරපු මෙගා වොට් ගනන විදුලිබල මණ්ඩලයේ ඇතුලෙ ඉන්න පුද්ගලික ඩීසල් බලාගාර අයිති ඉංජිනේරුන් තමන්ගෙ පුද්ගලික බලාගාරවලින් දීල කෝටි ගනන් හම්බ කරනවා.. අවුරුදු ගානක් ලංකාව විනාශ කරපු නිලධාරි වාදයට එරෙහිව මේ පනත ගෙන ආ යුතුමයි. අපි රනිල්ට මේ වෙලාවෙ සම්පූර්ණ සහය දිය යුතුයි.