
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"ඔබතුමා ඔතන ඉදන් දේශපාලනය කරන්නේ. ඔබතුමා තමයි මේ රටේ ප්‍රශ්න සියල්ල ඇති කළේ"යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අමතමින් පාර්ලිමේන්තුවේ දී අද(9)පැවසීය.
රජයේ මුදල් කාරක සභවේ සභාපතිවරයා විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු විය යුත්තේයැයි ස්ථාවර නියෝග 121/1 හි පැහැදිලිව තිබෙන නමුත් කථානායක තුමා ස්ථාවර නියෝග අත්හිටුවා එම තනතුර ආණ්ඩු පක්ෂයට දුන් බව
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කීය.
" ඉතින් මේක නිවැරදි කරන්න. ඔබතුමා විශාල වැරුද්දක් කළේ යනුවෙන් ද කිරිඇල්ල මහතා පැවසීය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:- ඒක මම කරපු වැරුද්දක් නෙවෙයි. ඔබතුමන්ලා සභාවේ ගත්ත තීරණයක්.ඒකට මට චෝදනා කරන්න එපා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- ඔබතුමා කවුරුවත් නැති දවසක නිලධාරීන් සමග මේක හොරෙන් දැම්මා.
කථානායක:- කවුරුත් නැති දවසක මට තීරණ ගන්න බෑ. ඔබතුමා අභූත චෝදනා කරන්න එපා.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:- ඔබතුමා ඔතන ඉදන් දේශපාලනය කරන්නේ. ඔබතුමා තමයි මේ රටේ ප්‍රශ්න සියල්ල ඇති කළේ. අපි මේකට යෝජනා කළේ හර්ෂද සිල්වා මන්ත්‍රී තුමායි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහල පන්නපල්ලකො ඔය මොඩ තට්ට රාජපස්සයන්ගෙ ලෙවකන එකාව. මූන ෆොටෝ එකෙන් දකිනකොටත් මගෙ ඇගේ මාලු නටනවා.
සජබෙ සිටින ලොකුම හොරෙක්