(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විදුලිබල පනතින් කරන්නේ පුනර්ජනනීය බලශක්තිය ධෛර්යමත් කිරීමද? එසේ නැතිනම් රටේ ඇතිවී තිබෙන විදුලි අර්බුදය සහ ආර්ථිකය අර්බුදය දඩමීමා කරගෙන හොරුන්ට හොරකම් කර ගැනීමට පාර හදන එක දැයි ජාතික ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කාගේවත් විරුද්ධත්වයක් නැතැයි ද පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා සූර්ය,සුළං සහ ජල විදුලි බලාගාර වැඩි දියුණු කිරීම ලෝක ප්‍රවණතාවය වී ඇතැයි කී මන්ත්‍රීවරයා පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම ගැන ප්‍රතිපත්තිමය ගැටළුවක් නැති බවද පැවසීය.
මේ සඳහා ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකරන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ විජිත හේරත් මහතා ටෙන්ඩර් පටිපාටියෙන් අනුමත කරන ව්‍යාපෘති අසාර්ථක යැයි කීම පිළිගන්න බැරි බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාට ඕනෑම තැනකින් හොරකම් කරන්න පුළුවන් හලෝ.
ඔන්න ආයෙත් පුරැදු වැඩේ පටන් ගත්තා. රට අල කිරීමේ විශාරද ජවිපෙ. විදුලි ඉංජිනේරැවො වගේම මුන්දලත් මාෆියාවක්ම තමයි.
මේ අපතයටත් අතයට ගනුදෙනු ඇති. මුන්ගෙත් කතාවල් බබාල වගේ
ඔය ගොල්ලෝ තමා ඔක්කොටම මුල.මොනවා කලත් වැරදියි.හොඳක් දකින්නෙම නැහැ.සාම්පුර් හදන්න නැතිකලෙත් උඹලාමයි.දැන් මේකටත් කෙනෙහිලිකම. දෙපාරක් තරුණ ජීවිත 100000 ක් විතර වනසපු ඇත්තටම ජවිපෙ මේ රටට සාපයක්. ltte වගේමයි.