(ඉන්දිකා රාමනායක)
පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම මහතාට" ඒ මහතාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිලධාරියාට හා රියදුරුට පහර දී එම මෝටර් රථයට ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
මෙම සැකකරුවන් සිව්දෙනත් සමග මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම, පාදුක්ක හා මාකුඹුර යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මන්ත්‍රිවරයාගේ පුද්ගලික ආරක්ෂක පොලිස් නිළධාරියා විසින් සිද්ධිය වන අවස්ථාවේ එම පොලිස් නිලධාරියා විසින් ඇදසිටි නිළ ඇදුමේ ඇමැති ආරක්ෂක අංශයේ (MSD) නම සහිත කමිසය එක් සැකකරුවකු ළග තබාගෙන සිටියදි සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහු උනා නම් තම තමන් ඒවා බලාගනිල්ලා. අපේ බිලියන් අටේ පක්ෂ අරමුදලෙන් නම් වියදම් ඉල්ලන්න එපා