(ඩයනා උදයංගනී)
සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඔහු මේ බව නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී සිය ආධාරකරුවන් සමග ඉකුත් දා පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර දැනුම් දී තිබේ.
පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවත් ඇමැති ධුර භාර ගැනීමට කටයුතු නොකරන බවත්, ස්වාධීනව සිටිමින් බලශක්ති අර්බුදය විසඳීම සඳහා රජයට යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන සැරේ ජනාධිපති තරගයට ඉදිරිපත් වෙන්න සෙට් වෙනවා වගේ? ජයවේවා...!
තමන්ගෙ පක්ශයෙන් චන්දයට ඉල්ලල පත්වෙඑමට නොහැකි නිසා ප්‍රබල පක්ශයක එල්ලිල පර්ලිමෙන්තු එන්නෙ. එ එද්දි මෙයාට ලෙබුනෙ ස.ජ.බෙ චන්ද ටික. අන්තිමට තියන සක්කිලි ගතිය නිසා ස්වාදීන වෙලා ආන්ඩුවට කඩෙ යන්න දැන් හදන්නෙ. මෙ වගෙ මීස්සුන්ට නැවත අපේකත්වය නොඩදිය යුතුයි.
රටෙ නායකය වෙන්න කෙටි පරවල් හොයන හදිස්සි කාරයො ටික එක ගොඩකට වැටෙන එක හොදයි ඊලග චන්දෙන් සුද්ද වෙලා ගියාම රට හැදෙයි
රටට ආදරේනම් බැහැලා වැඩකරන්න. ඇමති දුරයක් අරගෙන වැඩ පෙන්වන්න. ස්වාදීන් වීමෙන් පෙන්වන්න ඇමතිකමක් දුන්නොත් ගන්න බවයි.
ජවිපෙ වෙලා හිටියා, ජනතා මිතුරො වෙලා හිටියා..., හෙළ උරුමෙ වෙලා හිටියා, ජාතික චින්තනය වෙලා හිටියා, සාරිපොටේ එල්ලිලා හිටියා, රනිල්ගේ වලිගෙ එල්ලිලා හිටියා, සංධානගත වෙලා හිටියා, විදුලිබල ඇමැති වෙලා හිටියා... දැන් ස්වාධීන වෙනවලු. ඔය කවුරු වෙලා හිටියත් රටට කරපු දෙයක් නැහැ.
දැනට ඉන්න නායකයෝ සහ දේශපාලකයෝ එක්ක බැලුවාම ඇත්තටම නියම දැනුමක් ඇතුව, සැලැස්මක් සහිතව කතා කරන්නේ පාඨලී විතරයි. පාඨලී කරපු අමාත්‍යාංශ වුණත් ලාබදායීව පාලනය කළා.
හොඳයි තව ගොඩක් ස්වාධීන වෙනවා නම් අපි කැමැතියි. හැබැයි කපුටගේ සල්ලි මල්ලට වැටෙන්නේ නැතුව..
වැරැදි වෙලාවක මේ තීරණය ගැනීම නිසා දුක් විඳින්න වෙනවා. ඔහු සංස්ථාගත කර ඇති නව පක්ෂය ඉදිරි වසරවලදී ඔහුව පාලක අසුනෙහි තැබීමට අවශ්‍ය ජනතා නියෝජනය ලබා නොදෙනු ඇත. ඔහුගේ දක්ෂතාවය කුණු කූඩයට වැටීම අත ළඟයි...