(දිලීප් ජයසේකර)

පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදී රාජකාරියට බාධා කිරීමේ චෝදනා  අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය දිලිප් වෙද ආරච්චි මහතාගේ පුත්‍රයා හා ලේලිය අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වලස්මුල්ල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මහේෂ් වාකිෂ්ඨ මහතා අද නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිද වන නෙත්මි හරින්දි නැමති දෙදෙනාය.

රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු රවිදු වෙදආරච්චි හා ඔහුගේ බිරිද පසුගිය දින ඔවුන්ට අයත් කැබ් රථයක පිටුපස ආවරණය නොකරන ලද කොටසේ අනාරක්ෂිත ලෙස ශීතකරණයක් රැගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළු විමට උත්සාහ කිරීමේදි එහි රාජකාරියේ යෙදි සිටි පොලිස් නිළධාරීන් ඊට ඉඩ ලබා නොදීම හේතුවෙන් සැකකරු හා සැකකාරිය එහි රාජකාරියේ යෙදිසිටි පොලිස් නිළධාරීන්ට පරුෂ වචනයෙන් බැනවැදි රාජකාරියට බාධා කරමින් සාපරාධී බළහත්කාරය පා ඇතැයි අධිකරණයේදී කියැවිණි.