(අංජුල මහික වීරරත්න)
සතියට දින දෙක තුනක් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොස් ,දෙල්, අල, බතල ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩල රැස්වීමෙිදී පවසා තිබෙි.
වන රක්ෂිත වල වැවෙන කොස් ඵලදාව නෙලා ගැනීම සඳහා රක්ෂිත වලට ඇතුළු වීමට ජනතාවට අවසර ලබා දිය යුතු බවට වන යෝජනාවක් කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඒ යෝජනාව ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා පවසා ඇත්තේ පාර්ලිමේන්තුවටත් කොස් දෙල් අල බතල ආහාර සඳහා ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන ලෙසයි.
වන රක්ෂිත වල හටගන්නා කොස් ඵලදාව කිසිදු ප්‍රයෝජනයක් නොගෙන අපතේ යාම අපරාධයක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉහත යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරමින් සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම යෝජනා මේ රක්ෂිත කැලෑවලින්ම අවසන් වෙන්නේ මොකද?
ප්‍රශ්නයකට තියෙන්නේ ඔය හිලෙන් රිංගලා අපේ දුප්පත් මන්ත්‍රීවරු ගහේ කඳ පිටින්ම නෙලාගෙන එනඑකයි..!
පුන්නක්කු ඔක්කෝටමත් වඩා පෝෂ්‍යදායක ආහාරයක්නේ ජනාධිපති තුමෝ. ෆේල් වෙන අයටත් පුන්නක්කු කෑමෙන් මොලේ වර්ධනය කරගන්න පුළුවන්...
ඔය කියන මන්ත්‍රී කෑම ලැයිස්තුවට පුන්නක්කු, පිදුරු එහෙම අලුත් කරලා නැද්ද මෙයා...?
එතකොට එයාලගේ පාටි වලට හැලි අරක්කුයි, බයිට් එකට වල් ඌරු මසුයිද?
හැබැයි සාටක මස්තාන්ලා නම් ගන්නේ බාස්මති වැනි සුඛෝපබෝගි ආහාර...!
ඒකෙන් ඩොලර් බිලියන කීයක් ඉතුරු කරන්න බලාපොරොත්තු වෙනවද? පිස්සු නැතිනම් ශෝක්..
ඔබ පළමුව කරන්න..!
රනිල් 2048 කිව්වත් මේ යෝජනා දැක්කාම ඊට කලින් රට සුඛිත මුදිත වෙයි කියලමයි හිතෙන්නේ. ලෝකය වේගයෙන් ඉදිරියට යද්දී අපි මේ කොහෙද යන්නේ..? එක අතකට මේ වයසක සෙට්එකට මීට වඩා දැක්මක් කොහෙන්ද?
ඔබ ඇතුළු හොර කල්ලියම නියඟලා අල කෑවා නම් තමයි හොඳටම පෝෂණය ලැබෙන්නේ...
කොස්, දෙල් ඇට බෝලත් එක්කම කොටල උදේ හවස ඔය රට විනස කල ජනාදිපතියට බොන්ඩ දීපල්ල මෝඩයගෙ මොලේ ඇබිත්තක්වත් එන් කියල.
පිදුරු සහ පුන්නක්කු පමණක් දෙන්න.