නාවික හමුදාපති රුවන් හමුවෙයි දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 19 April 2023
ගුවන් සමාගමේ ප්‍රධානීහු 27 වැනිදා කෝප් කමිටුවට ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන පහක ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ( කෝප් කමිටුව ) හමුවට ලබන සතියේ කැඳවීමට තීරණය කර ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවැසිය. 19 April 2023
අපි රිලව් ඉල්ලුවේ නෑ - චීනය රිලව් ලක්ෂයක් ශ්‍රී ලංකාවෙන් ආනයනය කිරීම සඳහා අයැදුම්පතක් කිසිඳු පාර්ශ්වයකින් මේ වන තෙක් ලැබී නොමැති බව චීන ජාතික වන සත්ව සහ තෘණ බිම් පරිපාලන ඒකකය ප්‍රකාශ කළ බව චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත. 19 April 2023
මහ මුහුදට වැටුණු සුදු යුවළ බේරා ගැනෙති හික්කඩුව මුහුදේ කැනෝ වර්ගයේ යාත්‍රාවක නැගී මුහුදේ විනෝදවෙමින් සිටියදී එම යාත්‍රාව පෙරලී විදේශ සංචාරක යුවළක් සහ ඔවුන්ගේ අවුරුදු දෙක හමාරක් වයසැති කුඩා දරුවා මුහුදට ඇද වැටී ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් අද දහවල් දොළහට පමණ බේරා ගත් බව හික්කඩුව සංචාරක පොලීසිය පවසයි. 19 April 2023
ඉන්දියාව චීනය අභිබවයි ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රට ලෙස චීනය අභිබවමින් ඉදිරියට පැමිණීමට ඉන්දියාව සමත්ව ඇත.එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(19) නිකුත් කළ දත්ත වාර්තා වලට අනුව ඉන්දියාවේ ජනගහනය කෝටි 142.86 ක් ලෙස සටහන් වන අතර චීනයේ ජනගහනය කෝටි 142.57 ක් ලෙස දැක්වේ. 19 April 2023
කාදිනල් අගවිනිසුරුද පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය ඇත්තේ අධිකරණයට හෝ අගවිනිසුරුට මිස කාදිනල් හිමියන්ට නොවන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 19 April 2023
පුංචි ඡන්දය ගැන තේරිම් බාර නිලධාරීන්ගෙන් ගැසට්ටුවක් පළාත් පාලන මැතිවරණය මේ මස 25 වැනි දා නොපැවැත්වෙන අතර එම මැතිවරණය භාණ්ඩාගාරයෙන් මුදල් නිකුත් කරන දිනක පවත්වන බව සඳහන් කරමින් දිස්ත්‍රික් තේරීම්බාර නිළධාරීන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 19 April 2023
මහනුවර බාලිකාවේ වංචාව සොයන්න කමිටුවක් මහනුවර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලේ අතරමැදි පන්ති සඳහා කූට ලේඛණ සකසා සිසුවියන් 17 හත්දෙනකු ඇතුළත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පත්කොට තිබේ . 19 April 2023
රිලවුන් රැක ගන්න ඉන්දියාවට ලිපියක් ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයට විකිණීමට දරන වෑයමට ඉඩ නොදෙන්නැයි ශ්‍රී ලංකාවේ පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය (CENS)ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාට ලිපියක් යවා තිබේ. 19 April 2023
කිරිපිටි මිල තවත් අඩු වෙයි ? කිරිපිටි මිල තව දුරටත් අඩු කිරීමට කිරිපිටි ආනයනය කරන සමාගම් එකඟතාව පළකර ඇතැයි වෙළෙඳ අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 April 2023
මත්පෙති කිලෝ 34 ක් සමඟ අයෙක් මාට්ටු හෙරොයින් ආදේශකයක් වශයෙන් භාවිතා කරන මත් පෙති කිලෝ 34 ක් සිය ගමන් බෑගය තුළ සඟවා චෙන්නායි සිට ගුවන් මගින් මෙරටට රැගෙන පැමිණි මගියෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 19 April 2023
විශ්‍රාමික හමුදා සැරයන් ගිනි අවියක් සමග මාට්ටු චීනයේ නිෂ්පාදිත ස්වයංකීය පිස්තෝලයක්, උණ්ඩ 11ක්, පතුරම් ගැබක් නීති විරෝධීව ළඟ තබා ගෙන සිටි විශ්‍රාමික හමුදා සැරයන්වරයකු අඩංගුවට ගත් බව රාජාංගනය පොලිසිය පවසයි. 19 April 2023
ගම් හදන්න සැලසුම් 21ක ගැසට්ටුවක් 2025 වසරට පෙර පළාත් පාලන ආයතන 204ක් ආවරණය කරමින් සංවර්ධන සැලසුම් 172ක් නිම කිරීමට කටයුතු කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 19 April 2023
බයිඩන් යුවලගේ ආදායම පහළට පසුගිය වසරේ ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ආර්යාව ජිල් බයිඩන් ඇමෙරිකානු ඩොලර් 579,514 ක මුදලක් උපයා ඇතැයි ඊයේ (18) ප්‍රසිද්ධ කරන ලද බදු වාර්තාවේ සඳහන් වේ. 19 April 2023
පදිකයකු හප්පා පලා ගිය පොලිස් පරීක්ෂක අත්අඩංගුවට පුද්ගලික මෝටර් රථයක් ධාවනය කරමින් සිටින අතරතුර පදිකයෙකු හප්පා පලා යමින් සිටී පොලිස් පරීක්ෂකවරයකු ගොකරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 19 April 2023
උණුසුම ගැන කාලගුණයෙන් අවවාදයක් අධික උෂ්ණත්වය හේතුවෙන් ‘‘අවවාදාත්මක‘‘ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. 19 April 2023
ගුරු මාරු ගැන ජනපතිට පැමිණිල්ලක් ගුරු මාරු සම්බන්ධයෙන් නිසි විද්‍යාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා තුරු ගුරු ස්ථාන මාරුවීම් තාවකාලිකව නතර කරන ලෙස කොළඹ ප්‍රධාන ජාතික පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ. 19 April 2023
සහරාන්ගෙන් වනාතවිල්ලුව වත්තේ නිධන්හාරලා පාස්කු ප්‍රහාරයේ මහ මුරකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තාට අයත් පුත්තලම , වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කැණීම් සිදුකරමින් සිටි බව කියන පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරුන් දෙදෙනෙකු අද (19) අලුයම් කාලයේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි 19 April 2023
රෝගීන් මත් කරන යුවළක් අත්අඩංගුවට කොළඹ ජාතික රෝහලේ සායනවලට පැමිණෙන වයෝවෘද්ධ සහ මැදිවියේ කාන්තාවන් මත්කර ඔවුන් සතුව තිබෙන මුදල් සහ රන් ආභරණ සොරා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය කියයි. 19 April 2023
පළාත් රැසකට වියලි කාලගුණයක් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (19) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 April 2023
පක්ෂ විපක්ෂ නායකයෝ එක්ව ඉෆ්තාර් සමරති ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ජාතික ඉෆ්තාර් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. 18 April 2023
දෙදෙනකුට පහරදී තුවාල කළාට සිවිල් ආරක්ෂක සෙබළු තුනක් දැලේ ජයන්තිපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය ඉදිරිපිට දී පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී තුවාල සිදු කළේ යැයි කියන සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් තිදෙනෙක් සූරියපුර පොලිසිය විසින් ඊයේ 17 සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. 18 April 2023
මීද්දරමුල්ලේ වෙඩිතැබීම: පොලිස් සුනඛයා කරන්දෙණිය යුද හමුදා කඳවුරට රිංගයි අහුන්ගල්ල මීද්දරමුල්ල ප්‍රෙද්ශයේදී ඉකුත් (14) සවස පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරිම සම්බන්ධයෙන් පරික්ෂණ සඳහා යොදවන ලද නිල සුනඛයා කරන්දෙණියේ පිහිටි යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකා රෙජමේන්තු කඳවුරට ඇතුලුවිම නිසා එම කඳවුරේ එදින රාජකාරියේ නිරතව සිටි හමුදා සෙබලුන්ට නිකුත්කර තිබු ටී.56 ගිනි අවි 36 ක් අද(18) දින පොලිස් බාරයට ගත් බව ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 18 April 2023
‘ආණ්ඩුව එක්ක අපේ ඩීල් නෑ‘ ජනවරමක් නොමැති ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ වත්මන් ආණ්ඩුව සමග සමගි ජනබලවේගය කිසිදු අවස්තාවක එක් නොවන බැවින් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද (18) ප්‍රකාශ කළේය. 18 April 2023
බසයෙන් බැස පාර පැන්න සිසුවා ලොරි මාරයාට බිලි පාසල ඇරී නිවසට ඒමට බස් රථයෙන් බැස පාර මාරු වීමට යාමේදී පිටුපසින් පැමිණි කුඩා ලොරි රථයකට යටවී එකොලොස් හැවිරිදි සිසුවකු මියගොස් ඇතැයි හෙට්ටිපොල පොලිසිය පවසයි. 18 April 2023
හිටපු නීතිපති ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කටඋත්තරයක් සටහන් කර ගැනීම සදහා හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හෙට (19) පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 18 April 2023
අධික උෂ්ණත්වය මැයි අවසානය දක්වා ශ්‍රී ලංකාවට මේ දිනවල පවතින අධික උණුසුම් තත්වය ලබන මැයි මස අග දක්වා පවතින බවත් මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා හොදින් ස්ථාපිත වූ පසු දැඩි උණුසුම් තත්වය ක්‍රමයෙන් අඩු වන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ආචාර්ය ශිරෝමනී ජයවර්ධන මහත්මිය පැවසුවාය. 18 April 2023
පන්නෙයි දේවප්රතිමා නඩුව මැයි 4ට කල් යයි යාපනය පන්නනෙයි වටරවුමේ ඉදිකෙරුනු නාගභූෂණී අම්මාන් දේව ප්‍රතිමාව ඉවත්කිරීම සම්බන්ධ නඩුව මැයි 04 දක්වා කල්දැමීමට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තේය. 18 April 2023
රැකියා සොයා නිවසින් පැන ගිය දරු තිදෙනා සොයා ගනියි වෙන්නප්පුව ප්‍රදේශයේ පිහිටි නිවාස තුනකින් පසුගිය සිංහල අලුත් අවුරුදු දිනය යෙදී තිබූ දාහතර වෙනිදා පලාගොස් සිටි බාලවයස්කාර දරුවන් තිදෙනා අම්බලන්තොට ගලගොඩ ප්‍රදේශයේ නිවසක ලැගුම්ගෙන සිටියදී අද (18) වෙනිදා සොයා ගන්නා ලදැයි වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය පවසයි 18 April 2023
කිව්.ආර් එකට වැඩි කළ ඉන්ධන කෝටාව මේ සතියටත් කිව්.ආර්. කේතය හරහා ඉන්ධන නිකුත් කිරීමේ දැනට පවතින ඉන්ධන කෝටාව මෙම සතියේ ද ක්‍රියාත්මක බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 April 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026