IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටියක අල්ලසක් ගන්න ගිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප

(නිමන්ති රණසිංහ)

ව්‍යාපෘතියක් වෙනුවෙන් අනුමැතිය ලබාදීම සදහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටියක අල්ලස් මුදලක් ඉල්ලූ බව කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ මහතා රුපියල් 25,000ක මුදල් සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (13) නියෝග කළේය.

මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස අල්ලස් කොමිසම නම් කර සිටින මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා විසින් අල්ලස් ලබාගැනීමට අදාළව දුරකතන සංවාද හෝ වෙනයම් දෙයක් අල්ලස් කොමිසම සතුව නොමැති වීම හේතුවෙන් සැකකරු අල්ලස් ලබාගත් බවට එක්වරම නිගමනට එළැඹිය නොහැකි බවට තීරණය කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුට ඇප නියම කළේය.

එමෙන්ම, අනෙක් සැකකරුවන් දෙදෙනාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් සැකයක් උපදින බැවින් ඔවුන් ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත භාරයේ තැබීමට ද අධිකරණය නියෝග කළේය.

ඒ අනුව, මෙලෙස ඇප මත මුදා හැරුණේ මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා වන තල්දූව, අවිස්සාවේල්ල පදිංචි සුපුන් ශෂීන්ද්‍ර පතිරගේ මහතාය. ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු වන තලාහේන, මාලඹේ පදිංචි තෙල්ගම්පල රාළලාගේ මින්ද අනුරුද්ධ සහ රාජසිහ මාවත, සල්මල් උයන, පදිංචි කොම්පඤ්ඤගේ ටෙනිසන් ෆොන්සේකා යන අයවලුන්ය.

 



අදහස් (5)

කෝටියක අල්ලසක් ගන්න ගිය මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිට ඇප

Chamila Fernando Monday, 13 November 2023 04:19 PM

කෝටියක අල්ලසට ප්‍රධාන සැකකරුවා රුපියල් 25000/=ක ඇප පිට නිදහස්, එකෙන් රටට දෙන ආදර්ශශය හොඳ එකක් නොවේ.

:       0       2

Prabha Monday, 13 November 2023 04:24 PM

අල්ලස් කොමිසමත් අල්ලස් අරන් වගේ

:       0       28

Shashika519 Monday, 13 November 2023 06:56 PM

අනුරුද්ධ පොල්ගම්පළ කියන්නේ හිටපු ජෙප්පෙක්... විමල් වීරවංශ එක්ක දැන් ඉන්නේ...

:       0       1

Rajadurage Gamini Tuesday, 14 November 2023 05:10 AM

ඔය පුද්ගලයා අධ්‍යාපනය ලැබු පාසලේ හිටපු විදුහලපති කෙනෙක් ඔය වැඩේට කප් ගහල හිටියා ඉතින් පාසලට ඇතුළත් වෙන්න එහෙම කල දරුවො අනාගතයේ ඔහොම මිනිස්සු වෙනවා ඒක වයිමටවත් වලක්වන්න බැහැ ඒ විදුහල්පති අන්තිමේ තෙවැනි සිල් පදය කඩන්න ගිහිල්ලා එලොවම ගියා කියලා කලකට පෙර ආරංචියක් ලැබුනා

:       0       1

Bamunuarachchi Wednesday, 15 November 2023 04:11 PM

නිදොස් කොට නිදහස් වීමේ ලකුණු පෙනෙනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 5 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site