(නිමල කොඩිතුවක්කු)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අයවැය යෝජනාවලිය තුළින් පාලකයන්ට දිව්‍ය ලෝකයත් ජනතාවට අපායත් පෙන්වා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹදී ප්‍රකාශ කලේය.
නිසි ඉලක්ක සම්පූර්ණ කර ගත නොහැකි වීම නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා ගත නොහැකි තත්ත්වයත් මත ජනාධිපතිවරයා සිල්ලර අයවැයක් ඉදිරිපත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙවර අයවැය රටේ ජනතාව රැවැටීමට උපයෝගී කර ගත් මාධ්‍ය සංදර්ශනයක් පමණක් බවත් ජනාධිපතිවරයාගේ අයවැය කතාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කීවේය.
මෙම අයවැයෙන් වැඩ කරන ජනතාවගේ ජන ජීවිතය, ජීවනෝපාය ශක්තිමත් කිරීමට ඇති වැඩපිළිවෙළ ගැන කතා කිරිමට පෙර 2022 අයවැය යෝජනාවේ අන්තර්ගත කරුණු කොපමණ ප්‍රමාණයක් ඉටු කිරිමට හැකිවූවාද යන්න සොයා බැලිය යුතු බවත් විපක්ෂනායකවරයා තවදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපස්සට අපායක් .
අම්මප කුහක කමයි , බඩ තඩියයි විතරමද තියෙන්නේ? මේ අයවැයේ තියෙන සාධනීය දේවල් පේන්නෙම නැතිද? හොඳයි කියමුකෝ බලන්න ඔහේ හැදුව නම් කොහොමද අයවැය හදන්නේ කියලා . නරිය මිදී ඇඹුලයි කිව කතාව අපිට ඔයා නිතර නිතර මතක්කරල දෙනවට ස්තුතියි
නිසි ඉලක්ක සම්පුර්ණ කරන්න පුලුවන්ද තුම්සේලා වගේ කකුලෙන් අදින හැතිකරයක් ඉන්න රටක. Me අයවැයෙන් උස අයට සිකුරිටි වැඩයි කොට අයට කම්කරු ජොබ් දීල නැහැ නේද?