(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
සමගි ජන බලවේගයේ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස අබේරත්න මහතාට පාර්ලිමේන්තු සභාගර්භයේදී අසත්‍ය සහ ද්වේශ සහගත ලෙස චෝදනා එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත යටතේ ඔහුට උපරිම දඬුවම් ලබාදීමට කටයුතු කරන ලෙස ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු 24 දෙනෙක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් බාර දෙමින් අද (13) ඉල්ලීමක් කළහ.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව, පාර්ලිමේන්තු සභා කර්මයේ දී ගර්භයේදී හෝ කාරක සභාවකදී හෝ පාර්ලිමේන්තු භූමියේදී පාර්ලිමේන්තුවේ නිලධාරියෙකුට පහර දීම හෝ ප්‍රතිරෝධය පෑම නැතහොත් ඔහුගේ කටයුතුවලට සිතා මතා මැදිහත්වීම පාර්ලිමේන්තුව විසින් හෝ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හෝ දඬුවම් කරනු ලැබිය හැකි වරදක් බව එම මන්ත්‍රීවරුන් කතානායකවරයාට පෙන්වාදී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විපක්ෂයේ විශේෂයෙන් සජබෙ මන්ත්‍රීවරු කීප දෙනෙක් ඉන්නව ගුටිබැට පරුශ වචන වලින් ප්‍රශ්න විසඳිය හැකියයි සිතන. ආණ්ඩු පක්ෂයේ එවන්නන් ගැන වාදයක් නැතත් මොවුන් රටේ පාලනය ඉල්ලන, තම නායකයා ජනතාව වෙනුවෙන් මැරෙන්නට වුවද සූදානම් බව නිතර ප්‍රකාශ කරයි. ගෝලයන්ගේ හැසිරීම අන්තිමයි. මොවුන් බලය ලබා ගත්විට 1977 බලයට පත් පාර්ලිමේන්තුවේ සිටි මැරයන්ට දෙවෙනි නොවනු ඇත.