(සුමිත් පොතුපිටිය)
දෙනෝ දාහක් දෙනා බලා සිටියදී කළුතර නගර මධ්‍යයේ පුද්ගලයකුට කඩුවකින් පහරදී කපා කොටා බරපතළ තුවාල සිදුකල පුද්ගලයකු සොයා පරීක්ෂණ සිදුකරන බව කළුතර දකුණ පොලිසිය පවසයි .
පහරකෑ පුද්ගලයා නගර මධ්‍යයේ ලේ විලක් මැද වැටී සිටියදී කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති බවත් , අත් දෙක සහ පිට ප්‍රදේශයට කඩු පහරවල් තුනක් එල්ලවී ඇති බවත් ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.
බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පහරදීම සිදුකර ඇති බවත් , පහරකාගෙන දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දෙසට දිව ඒමේදී මහමග ඇදවැටී ඇති බවද සදහන් වේ.
මෙහිදී පහරකෑමට ලක්ව ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 30 හැව්රිදි එක්දරු පියෙකු බවත්, ඔහු වෘත්තියෙන් පෞද්ගලික බස් කොන්දොස්තර වරයෙකු බවත් සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහරදුන් එකා සැකපිට කියලා අල්ලාගෙන කුඩු තිබුනා කියලා අධිකරණයට ඉදිරිපත් කරාවිද
වස්කඩුවෙනම්, ඉතින් හතර පෝයටම සිල්ගන්න කෙනෙක් වෙන්න ඕන.