( ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, හොලිරූඩ් තේ කර්මාන්තශාලව ප්‍රදේශයේදී තරුණයන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් එක් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් තරුණයන් තිදෙනෙකු දරුණු කැපුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.
දෙපිරිස අතර ඇති වු මෙම ගැටුමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ, ග්‍රේස්වෙස්ටන් වත්තේ පදිංචිව සිටි සිවඥානම් සජීවන් (22) නැමති තරුණයෙකි.
තුවාල ලැබු තරුණයන් තිදෙනා ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර උදෙසා නුවරඑළිය මහ රෝහල වෙත මාරුකොට යවා ඇති බවත්, තුවාල ලැබු එක් අයෙකු මියගිය තරුණයාගේ සහෝදරයෙකු බව පොලීසිය කියයි.
වටගොඩ ප්‍රදේශයේ හා තලවකැලේ ග්‍රේස්වෙස්ටන් ප්‍රදේශයේ දෙපිරිසක් අතර කළක පටන් පැවැති ආරාවුලක් මුල්කර ගනිමින් මෙම ගැටුම ඇති වී තිබෙන බවත්, එම දෙපිරිස ඥාතීන් වන බවද පොලීසිය සිදු කරන ලද විමර්ශණවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd