කේරළයේ බෝම්බ පිපිරේ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ, කලමසේරි පළාතේ, සම්මේලන මධ්‍යස්ථානයක, ක්‍රිස්තියානි නිකායක ආශිර්වාද දේව මෙහෙයක් සහ ආගමික සම්මන්ත්‍රණයක් පැවැත්වෙමින් තිබියදී, පිපිරීමක් සිදුවිය. 29 October 2023
යුද්ධය අවසන් වුණාම දඬුවම් විඳින්න සූදානම් ගාසා තීරයේ හමාස් සටන්කාමීන්, එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් තමා ද වගකිව යුතු බවත්, යුද්ධය අවසන් වීමෙන් පසු ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට පියවර ගන්නා බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 29 October 2023
බීලා වාහන පැදවූ හිටපු නියෝජ්‍ය පොලිස්පති රිමාන්ඩ් බීමතින් රිය ධාවනය කර රථ වාහන දෙකක් අනතුරට ලක් කළැයි අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ලබන 01 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අද (29) දින නියෝග කළේය. 29 October 2023
අලුත් ඇමැති වැඩ පටන් ගන්න කලින් සෞඛ්‍ය ලොක්කා පිරිසක් සමග රට ගිහින් නව සෞඛ්‍ය අමාත්‍යවරයා දිවුරුම්දී සතියක් යන්නට මත්තෙන් රාජකාරි වැඩ සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔහුට හිතවත් වෛද්‍ය පරිපාලක නිලධාරී කණ්ඩායමක් සමඟ විදේශ සංචාරයකට ගොස් ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට කළ අපහාසයකට සමාන බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 29 October 2023
අපේ සංස්කෘතිකාංග ඉතාලියේදී කලඑළිට මිලානෝ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සංස්කෘතික උළෙල ඊයේ ( 28 ) දින අති උත්කර්ෂවත් අන්දමින් මිලානෝ Piazza Del Cannone හි දී පැවැත්විය. 29 October 2023
විකිණු වාහනයට ලෝබ සිතී යළි උස්සලා විකිණූ වාහනයට ලෝබ සිතී අලෙවියෙන් මාස දෙකකට පසුව හොර රහසේ පැමිණ රුපියල් ලක්ෂ දහ අටක් පමණ වටිනා වෑන් රථයක් සොරාගෙන පලාගිය එහි මුල් හිමිකරු අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි . 29 October 2023
ඇමෙරිකානුවන් 22ක් ඝාතනය කළ රොබර්ට් කාඩ් මරුට ඇමෙරිකා එක්සත් ජනපද මේන් ප්‍රාන්තයේ පුද්ගලයන් 22 දෙදෙනෙකු ඝාතනය කරමින් තවත් පුද්ගලයන් 13කට පමණ තුවාල සිදුකළ යැයි චෝදනා ලැබ සිටි රොබර්ට් කාඩ් නැමැති සැකකරුගේ මළ සිරුර සොයා ගත් බව ප්‍රාන්ත බලධාරීන් තහවුරු කළේය. 29 October 2023
මංගල සාදයේදී මස් කෑ තරුණිය මරුට මංගල සාදයකට එක්වි සිටි තරුණියක් මස් ඇතුළු ආහාර වර්ග කිහිපයක් ආහාරයට ගැනීමෙන් පසු හදිසියෙ රෝගී වී පුත්තලම රෝහලට ඇතුලත් කිරිමේන් පසු මරණයට පත්වී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය කියයි. 29 October 2023
කෝටියක වල්නාශක කල්පිටියෙන් අල්ලයි ඉන්දියාවෙ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ රුපියල් කෝටියකට ආසන්න වල් නාශක හා කෘමිනාශක තොගයක් මැරින් හා විශේෂ යාත්‍රා බළඝණයට අයත් නාවිකයින්අද (29 ) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදි කල්පිටිය කිඹුල් බෝක්ක මුහුදු සිමාවේදි අත් අඩංගුවට ගත් බව කියයි. 29 October 2023
ජනක රත්නායකගෙන් කප්පම්ගත් තිදෙනෙක් අල්ලයි මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ජනක රත්නායක මහතාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබාගත් පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 29 October 2023
ලහිරු කුමාරට ලෝක කුසලාන ඉතිරි තරග අහිමිවෙයි ඉන්දියාවේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම වේගපන්දු යවන්නෙක් වන ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. 29 October 2023
හපුතලේ වත්තේ නාය යාමක් පවතින අධික වර්ෂාවත් සමඟ හපුතලේ ,හපුතලේ වත්තේ නාය යාමක් සිදුවූ බව හපුතලේ පරිපාලන ග්‍රාම නිලධාරී ජගත් ලියනගේ මහතා පැවසීය. 29 October 2023
මාරුව බාර නොගත් කා. අ .අධ්යක්ෂවරු හතරක් ගෙදර සේවා අවශ්‍ය තාවයන් මත ස්ථාන මාර කරනු ලැබුවද එම ස්ථාන මාරැවිම් නොසලකා එම ස්ථානයේම රාජකාරියේ නිරතව සිටි උතුරු මැද කලාප අධ්යක්ෂවරු සිවුදෙනකු අනිවාර්යය නිවාඩු යවා තිබේ.් 29 October 2023
රිය අනතුරක් කළ හිටපු පොලිස් ලොක්කා අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු බීමතින් රිය පදවා අනතුරක් කිරීමේ වරදට වැල්ලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය 29 October 2023
යතුරුපැදි අනතුරින් පුතා මරුට මව රෝහලට සිටි මවක සහ පුතෙකු ගමන් ගත් යතුරු පැදියක් කැළණිමුල්ල අත කපාපු හන්දිය ආසන්නයේ යකඩ පාලම මතදී අනතුරට ලක්වීමෙන් පුතු මිය ගොස් මව තුවාල ලබා ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි. 29 October 2023
ගැටුම පාලනයට ගිය පොලීසියට ගම්මු ගහලා කැබිතිගොල්ලෑව කුරුලුගම ප්‍රදේශයේ විහාරස්ථානයක දායක සභාවේ සාමාජිකයකු නොවන අයකුගේ ආරාධනාව මත ධර්මදේශනයක් පැවැත්වීමෙන් මතු වූ බව කියන ගැටුමක් පාලනයට ගිය පොලිස් කණ්ඩායමකට ගමේ පිරිසක් පහරදී ඇතයි පොලීසිය කියයි. 29 October 2023
ඊජිප්තුවේ රිය අනතුරකින් 35ක් මරුට ඊජිප්තුවේ අධිවේගී මාර්ගයක පසුගියදා සිදුවූ දරුණු රිය අනතුරකින් 35 දෙනෙකු මියගොස් තවත් 53 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට බලධාරීන් ප්‍රකාශ කළේය. 29 October 2023
පොරොවකින් පහරදී අයෙක් මරලා පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ඇතිවූ ආරවුලකින් පොරවකින් හිසට පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි. 29 October 2023
බදුල්ල -කොළඹ පාර විවෘත කරයි ධාරානිපාත වර්ෂාවත් සමඟ පස් කදු කඩා වැටීම හේතුවෙන් අවහිර වූ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල හපුතලේ අතර ප්‍රදේශය මේ වන විට සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව හපුතලේ පොලීසිය කියයි. 29 October 2023
අහුන්ගල්ල වෙඩිතැබීමේ යතුරුපැදිකරු අල්ලයි අහුන්ගල්ල ගල්හේන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණ පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලිසිය පවසයි. 29 October 2023
අද කාලගුණය දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න්පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 29 October 2023
ඩලස්ට වගකීමක් ඉදිරි මැතිවරණවලට විපක්ෂයේ පොදු දේශපාලන සන්ධානයක් පිහිටුවා තරග කිරීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළු පක්ෂ සමග සාකච්ඡා කිරීම ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නිදහස ජනතා සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. 28 October 2023
හිතුවක්කාරී වැඩ නිසා පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයෝ කිපෙති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අමාත්‍ය ධූර සඳහා යෝජනා කළ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙතෙක් ඇමතිකම් නොලැබීමත්,අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජනාධිපතිවරයා තනි තීරණ ගැනීමත් හේතුවෙන්,ආණ්ඩුව සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර අර්බුදය උග්‍ර වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි. 28 October 2023
කෝටි 1000ක් වංචා කළ විශ්‍රාමික යුද හමුදා සැරයන්වරු රිමාන්ඩ් ඉහළ පොලියක් ලබා දෙන පවසමින් විශාල පිරිසකගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි දහසකට අධික මුදලක් වංචා කර සැඟවී සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වානීජ හා මූල්‍ය වංචා විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කුරුණෑගල හංහමුණව ඉයෝන් ලංකා ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිල්ම් ප්‍රඩක්ෂන් මූල්‍ය ආයතනයේ හිමිකරු ලබන මස පළමුවැනි දා තෙක් රිමාන්ඩ් කරන්නැයි වාරියපොළ මහේස්ත්‍රාත් රසික මල්ලවාරච්චි මහතා නියෝග කළේය. 28 October 2023
මගීන් සමග බසය මඟ නවතා රියැදුරා කුඩු ගහන්න ගිහින් පුගොඩ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් , මගීන් සමග දෙල්ගොඩ ප්‍රදේශයේ නවතා එහි රියදුරා මත් ද්‍රව්‍ය ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් , අභ්‍යන්තර පරීක්ෂණයක්ද සිදු කරන බව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ගම්පහ දිස්ත්‍රික් (2) කාර්යාලය සදහන් කරයි. 28 October 2023
ඕස්ට්‍රේලියාව සිව්වැනි ජය ලබයි ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයේ 27 වැනි තරගය ලෙස ධරම්ශාලාහිදී අද (28) පැවැති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 5 කින් නවසීලන්තය පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් වූහ. 28 October 2023
බදුල්ල - කොළඹ මාර්ගයට අදත් පස් කන්දක් වැටේ ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල ප්‍රදේශයට ගල් පර්වත සමග පස්කන්දක් කඩාවැටීමෙන් ගමනා ගමනය එක් මංතීරුවකට සීමා වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 28 October 2023
මාකදුරේ මධූෂ් මෙහෙය වූ කුලි ඝාතකයා අල්ලයි පුද්ගල ඝාතන 19 ක් සිදු කළ බව කියන පාතාල සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි . 28 October 2023
අනුලාගේ සිරුර දිවයිනට ඊශ්‍රායල - හමාස් යුද ගැටුමේ දී මිය ගිය ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලක මැණිකේ මහත්මියගේ මෘත අද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන ආවේය. 28 October 2023
මීරිගම සහ අලව්ව අතර දුම්රිය මාර්ගයට ගසක් වැටේ මීරිගම සහ අලව්ව දුම්රිය ස්ථාන අතර ප්‍රදේශයට අද පස්වරු 2.35 ට පමණ ගසක් කඩා වැඩීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 28 October 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026