බංග්ලාදේශ මහ මැතිවරණය අද බංග්ලාදේශ මහ මැතිවරණය අද (7) පැවැත්වෙයි. වත්මන් අග්‍රාමාත්‍ය සීක් හසීනාගේ ආණ්ඩුවක් යටතේ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමින් විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණය වර්ජනය කර තිබේ. 07 January 2024
වැස්ස අද සිට වැඩි වේ උතුරු,උතුරු මැද,නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වය වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 07 January 2024
ජාජබ ගම්පහ මහ සමුළුවක් නයිවලදී ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ මහ සමුළුව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ නයිවල සණස සම්මන්ත්රණ ශාලා සංකීර්ණයේ දී විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පවත්වනු ලැබීය. 07 January 2024
කැබ්රිය යතුරු පැදියේ ගැටී අඹු සැමි යුවළ මරුට ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී කැබ් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගනිමින් සිටි අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 07 January 2024
මහව -අ’පුර දුම්රිය මඟ මාස 6කට වහයි උතුරු දුම්රිය මාර්ගයේ මහව හා අනුරාධපුර අතර මාර්ගය හෙට (7) සිට වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 06 January 2024
සත්‍ය සොයන්නත් වෙනම කොමිසමක් යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවේ සත්‍ය සමගිය සහ ප්රතිසන්ධාන කොමිෂන් සභාව නමින් නව කොමිෂන් සභාවක් පිහිටුවීමට රජය තීරණය කර ඇත. 06 January 2024
යුද්ධයෙන් අහිමි වූ ආදායම යළි උතුරට දෙනවා ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 06 January 2024
විදුලියට බාධා කළ අයට වැඩ වරදි සැලසුම්සහගත ව සහ නීතිවිරෝධි අයුරින් නිවාඩු හෝ වෛද්‍ය නිවාඩු මත සේවයට වාර්තා නොකර උද්ඝෝෂණ කටයුතුවලට සහභාගි වී සේවාවන් පවත්වාගෙන යාමට බාධා කළ බව කියන සේවකයින්ගේ සේවය අත්හිටුවා පවතින නෛතික ප්‍රතිපාදන යටතේ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත 06 January 2024
මාර්ග බාධකවලට පොලිස් නිල සුනඛ සහාය වැඩ බලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයිනේ පොලිස් ස්ථාන 607 ආවරණය වන පරිදි මාර්ග බාධකවලට නිල සුනඛයන් යොදාගෙන රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුම් ආරම්භ කළ බව රථ වාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසීය. 06 January 2024
ජනපති පූනරීන් කජු ගමට යයි උතුරු පළාතේ සිව් දින සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පූනරින් ප්‍රදේශයේ සංචාරයක නිරත විය. 06 January 2024
ඩෙංගු ගැන කියන්න ක්ෂණික දුරකථන අංකයක් ඩෙංගු රෝග වැලැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය. 06 January 2024
’ලෙකෝ’ සමාගම කොලේ වසා සමාජ ආරක්ෂණ බද්ද අය කරලා ලංකා විදුලි පෞද්ගලික සමාගම හෙවත් ලෙකෝ සමාගම ජනවාරි මස විදුලි බිලට මහජන ආරක්ෂණ බද්ද සියයට 5 ක් හෙවත් දෙගුණයක් අය කර ගැනීම දැඩි අසාධාරණයක් බව පාරිභෝගිකයෝ චෝදනා කරති. 06 January 2024
පවුල් ලක්ෂ හතක් ණයට කයි රටේ ණයගැති භාවයෙන් පෙළෙන පවුල් තිස්එක් ලක්ෂ විසි නව දහස් තුන්සීයයෙන් පවුල් හය ලක්ෂ අනූහත් දහස් අටසීයක් ණය වී සිටින්නේ දිනපතා ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අලුත්ම සමීක්ෂණ වාර්තාවක සඳහන් වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පැවසීය. 06 January 2024
ඉකුත් 24 පැයට 1133 මාට්ටු ගත වූ පැය 24 තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1133 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 06 January 2024
උඩරට දුම්රිය පාර යථා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් පීළි පැනීමෙන් අවහිර වී තිබූ උඩරට දුම්රිය මාර්ගය පැය දහයකට පමණ පසු යළි යථා තත්ත්වයට පත් කළ බව දුම්රිය පාලක මැදිරිය පැවසීය. 06 January 2024
උතුරු,නැගෙනහිර පළාත්වලට වැස්ස උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 January 2024
ඩෙංගු නසන්න සතියක් එයි දීප ව්‍යාප්ත ඩෙංගු මර්දන සතියක් ඉරිදා සිට ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව එහි පළමු දිනය වන ඉරිදා දින දි දිවයිනේ සෑම පරිශ්‍රයක්ම පරික්ෂාවට ලක් කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. 05 January 2024
බාල එන්නත් චෝදනාවට සෞඛ්‍ය ලොක්කා රිමාන්ඩ් ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ රෝගී ජීවීත අනාරක්ෂිත තත්වයකට පත් කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද (05) නියම කළාය. 05 January 2024
ආණ්ඩුව කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ උත්සහයක සහල් සහ බඩඉරිඟු පිටරටින් ආනයනය කර රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමට ආණ්ඩුව උත්සහ කරන්නේ යැයි සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී පැවැසීය. 05 January 2024
අධිවේගයේ ලොකු අනතුරක් අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 28 දොඩංගොඩ ප්‍රදේශයේදී ලොරි රථයක් පෙරළී යාමෙන් එක් අයකු තුවාල ලැබූ බව අධිවේගී රථවාහන පොලිසිය කියයි. 05 January 2024
තරුණ යුවළකට හිරිහැර වන ලෙස කළ සෝදිසියක් ගැන පරීක්ෂණයක් පොලිස් නිලධාරීන් තරුණයෙක් සහ තරුණියක් හිරිහැර වන ලෙස සෝදිසි කළේ යැයි කියන සිද්ධියක් පිළිබඳ පරීක්ෂණයක් කරන ලෙස උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. 05 January 2024
අධ්‍යාපනයේ වාහන 212ක් අතුරුදන් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නමට ලියාපදිංචි කෙරුණු මෝටර් රථ 212 ක් අස්ථානගතවී ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. 05 January 2024
කම්කරු ඇමතිගේ ලේකම් යැයි කියා මුදල් වංචා කරලා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් ඊශ්‍රායලයේ රැකියා දීම සඳහා මුදල් ගත් පුද්ගලයෙක් අද (5) අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය. 05 January 2024
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ කොටසක් වැසේ කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස හෙට (6) රාත්‍රී 10.00 සිට අනිද්දා (7) පස්වරු 5.00 දක්වා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා පැවසීය. 05 January 2024
පැතුම් නිස්සංකට හෙට තරගය අහිමිවෙයි සිම්බාබ්වේට එරෙහිව හෙට (6) පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා කිරීමට නියමිතව සිටි පැතුම් නිස්සංක උණ රෝගයෙන් පෙළීම නිසා තරගය අහිමිවන වේ. 05 January 2024
ගම්පහ කතක් ගෙල සිරකර මරා දාලා ගම්පහ බැන්ඩියමුල්ල ප්‍රදේශයේ නිවෙසක තනිව විසූ (81) හැවිරිදි කාන්තාවක කිසියම් පුද්ගලයකු විසින් ගෙල සිරකර අද (5) ඝාතනය කර ඇතැයි ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි. 05 January 2024
ආගම් නාමයෙන් දිවි නසාගන්න ඉගැන්නූ දේශකයා ගැන අධිකරණයට කියයි ආගමික දේශන මගින් දිවි නසා ගැනීමට පෙළඹවීම් කළ බව කියන රුවන් ප්‍රසන්න ගුණරත්න නැමැති පුද්ගලයා සහ ඔහුගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති පුළුල් විමර්ශනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය. 05 January 2024
පෙබරවාරි මුල් සතියේ විදුලි බිල අඩු කරනවා විදුලි බිල අඩුකිරීම සඳහා අදාළ දත්ත මහජන උපයෝගිතා කොමිසමට ලබා දී ඇති අතර පෙබරවාරි මුල් සතිය වන විට විදුලිබිල අඩු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසීය. 05 January 2024
කුඩු සමග ඇල්ලූ තාරකගේ අනියම්බිරිය නිදොස් කොට නිදහස් හෙරොයින් කිලෝ පහකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ සහ සගයකු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ පහ නිදොස් කොට නිදහස් කළේය. 05 January 2024
සමාජ ආරක්ෂණ බදු පනත ලබන සතියේ පාර්ලිමේන්තුවට සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ලබන සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය. 05 January 2024
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026