
ඉරාන ජානාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ කටයුතු අමාත්‍ය අමීර් හොසේන් අබ්දුල්ලාහියන් ඇතුළු හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය සියලු දෙනාගේ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී අද සිදු කෙරිණ.
ඉරාන ජානාධිපතිවරයාගේ අවසන් කටයුතු සඳහා රජයේ උසස් නිලධාරීන්,ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.
ඉරාන ජානාධිපතිවරයා ඇතුළු හෙලිකොප්ටර් යානා අනතුරින් මියගිය පිරිසට සමුදීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් අවමංගල්‍ය පෙරහැර ගමන් කළ මග දෙපසට රැස්ව සිටියහ.
ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලැබුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරිච්ච දවසේම අවසන් කටයුතු කරන ඕනේ එක මෙයාලාට බලපාන්නේ නැතිද? ඔක්කෝම ලෙඩ පොඩි මිනිස්සුන්ට පමණයි.