
(ප්‍රසාද් රුක්මල්)
දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිදක් අහදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසයි .
තුවාල ලැබූවන් අතර අවුරුදු 50 ක් වයස කාන්තාවක් සහ අවුරුදු 13, 36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු සිටින බවත් පොලිසිය කීය .
මොවුන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවද පොලිසිය පැවසීය .
මෙම තුවාලකරුවන් ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලේත්, සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය සදහන් කළේය .
වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ මෙම සැනකෙලියේ සමාරම්භක අවස්ථාවට ඊයේ දින රාත්‍රි සැනකෙලිය නැරඹීමට විශාල පිරිසක් පැමිණ ඇති අතර , සැණකෙළි භූමියේ ඉදිකර තිබූ මාරක ලිද නැරඹීමට ද ජනතාව පැමිණ තිබේ .
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාරක ළිඳ කඩා වැටී පහක් රෝහලට
Nimal 1 Friday, 24 May 2024 06:53 AM
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මාරකයි.
Indhika Friday, 24 May 2024 07:38 AM
සැණකෙළි තිබ්බේ නැතිනම් පන්සල් යන්නේ නැති තත්වෙට වැටිලා. බොහෝම කණගාටුයි. වෙසක් එකට සිල් ගන්න පන්සලට එන අයට කණට ගහනවා වගේ. අපේ ගෙවල් ළඟ පන්සලේත් හාමුදුරුවන්ගේ උපන්දිනයට බෑන්ඩ් එකක් ගෙනැල්ලා මියුසිකල් ෂෝ එකක් තිබ්බා...
පොඩි ළමයා Friday, 24 May 2024 08:03 AM
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු...!
අමෝහ Friday, 24 May 2024 09:50 AM
මාරක ලිං උඩ නගින්න ඕනෑද ඕවා බලන්න...? මහපාර දිහා බලාගෙන හිටියා නම් ඕනෑතරම් ඕවා බලන්න පුළුවන්... අනේ මන්දා..!
සිරිල් දන්දෙනිය Friday, 24 May 2024 03:19 PM
මාරක ළිද යම් විද්‍යාත්මත මූලධර්මයක් පෙන්වන්න හදපු එකක්. ඒත් අද කාලේ අය එම මූලධර්මය හරිහැටි දන්නේ නෑ. ඒ දන්නා විදියට තමයි ඒ ළිඳ හදන්න ඇත්තේ...