(හේමලතා ඩී හේවගේ)
ප්‍රධාන මාර්ගවල එලන ලද දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් සොරකම් කර ඒවා පුළුස්සා තඹ කම්බිවලට අලෙවි කිරීමේ ජාවාරමක නිරතවු ටෙලිකොම් සේවකයන් හත් දෙනකු එම තඹ ඇතුළු රැහැන් තොගයක් ද සමග අත්අඩංගුවට ගත් බව පන්නල පොලිසිය කියයි.
ටෙලිකොම් ආයතනයේ හලාවත සහ ලුණුවිල යන උපසේවා ස්ථානවල සේවය කරන අවුරුදු තිස්පහ සහ පනස් හය වයසේ පසු වන මෙම සැකකරුවන් කටුනේරිය, මාරවිල, තුඩුවාව, කොස්වත්ත, වෙල්පල්ල, කැලණිය හා කොබෙයිගනය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිසිය පවසයි.
බෝවත්ත ප්‍රදේශයේ නිවෙස්වල දුරකථන ක්‍රියාත්මක නොවීම නිසා ඒ පිළිබඳව කුලියාපිටිය ටෙලිකොම් උප සේවා ස්ථානයට දැන්වීමෙන් පසුව එහි නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව සොයා බැලීම සඳහා එම ප්‍රදේශයට පැමිණ ඇත.
භූගතව සවිකර ඇති දුරකථන රැහැන් පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ තිබූ දුරකථන රැහැන් අස්ථානගත වී ඇති බව අදාළ නිලධාරීන් දැන ගැනීමෙන් පසුව මෙම සිද්ධිය පිළිබඳව පන්නල පොලිස් ස්ථානය වෙත පැමිණිලි කර ඇත.
අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී එහි දමා ගොස් තිබූ දුරකථන රැහැන් කැබලි කිහිපයක් සොයාගත් බවත් ඒවා ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ නිලධාරීන් මෙම රැහැන් මිලට ගෙන උණුකර තඹ ලබාගන්න දංකොටුව ප්‍රදේශයේ පිහිටි වෙළඳසලක් සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීමේදී අදාළ තොරතුරු සොයා ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.
වෙළඳසැල් හිමියාගෙන් ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු වලට අනුව මෙම සොරකම සිදුකළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අවස්ථා ගණනකදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමකින් යුත් දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් අලෙවි කර ඇති බවත් ඒවා හලාවත ප්‍රදේශයේදී උනුකර ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.
අම්පාර පදියතලාව පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන් වරයෙකු අද(06) අලුයම සිය රාජකාරි අවියෙන් වෙඩි තබාගෙන ඇතැයි කියයි.
ශ්රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් එක
පළාත් පාලන මැතිවරණ ඡන්ද පොළේදී ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර සිය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කිරීමට විවිධ හැඳුනුම්පත් සහ ලේඛන දහයකට මැතිවරණ
නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් ලැබී නොමැති ජන්දදායකයකයෙකුට අද (06) ජන්ද මධ්‍යස්ථානයේදී ජන්දය භාවිතා කිරීමට බාධාවක් නොමැති බව මැතිවරණ කොමසාරිස්
පලාත් පාලන ආයතන ජන්ද විමසීමේ නිල ජන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට තමන්ට ලිපි බෙදන තැපැල් හෝ උප තැපැල් කාර්යාලයෙන් ජන්ද විමසීම පැ
ඡන්ද පොළවල් ආශ්‍රිතව අනවශ්‍ය රංචු ගැසීම් වලින් වළකින ලෙස පොලිස් මූලස්ථානය සියලුම ජනතාවගෙන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන්ගෙන් ඉල්ලීමක් කරයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ටෙලිකොම් සේවකයෝ කෝටි ගණනක තඹ කම්බි කපලා
dasun Thursday, 23 May 2024 06:55 PM
මේ ජාතියේ හොරු එකතුවන පක්ෂය හොඳින් තේරුම්ගනු ඇතැයි සියලු ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිමි.
kanchana Friday, 24 May 2024 11:38 PM
ෆොටෝ එකේ මැද ඉන්න කොටු ෂර්ට් කාරයා නේද? හොර වැඩේ කරලත් ඉන්න ඇට්ටර පාට් එක. මටත් හොඳට හුරු පුරුදු මුහුණක්, පිට කොටුවේදී පොකට් ගහලා අහුවුණාම බ්ලේඩ් තලයකින් මිනිස්සුන්ව කපලා පැන්නේ මෙයා තමයි. පොලිසියේ ඉස්පැක්ටර් මහත්තයෝ, හංගපු තඹ කම්බි පෙන්නන්න අරගෙන යන්න...
R h fernando Sunday, 26 May 2024 12:34 AM
ඔය මිනිස්සු රටට සාපයක් ඔය ජාතියේ උන්ව රස්සාවෙන් වහාම අයින්කරන්න ඕනේ