ළාබාල අක්කාගේ, නංගිගේ නිරුවත් ඡායා ගෙන්වා ගත් යුද සෙබළා මාට්ටු
මුහුණු පොතෙන් හදුනාගත් අවුරුදු 16ක් වයස පාසල් සිසුවියක හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන අතරේ ඇගේ සහ ඇගේ 13 හැවිරිදි නැගණියගේ නිරුවත් ඡායාරූප වට්ස්ඇප් මගින් සිය ජංගම දුරකථනයට ගෙන්වා ගෙන එම ඡායාරූප අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කර බිය ගන්වා වැඩිමහල් සොයුරියගෙන් රුපියල් 50,000 මුදලක් බලහත්කාරයෙන් බැංකු ගිණුමක තැන්පත් කර ගත්තේ යැයි කියන තරුණ යුද හමුදා සෙබළෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.