(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

ඊසි කෑස් ක්‍රමයට  හෙරොයින් මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නිරතව සිටි බව කියන හඳයා නමැත්තකු  අල්ලා පරීක්ෂා තිරීමට ගිය පොලිස් පරීක්ෂකවරයතුගේ අතක ඇඟිල්ලක් සපා කා තුවාල කර සැකකරු අසල තිබූ ඇළකට  පැන පලා ගොස්  ඇතැයි රුවන්වැල්ල පොලිසිය පවසයි.

තුවාල ලැබූ පොලිස් පරීක්ෂකවරයා කරවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා ගිය හඳයා යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන මෙම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන්ගේ ලයිස්තුවේ(අයි. ආර්. සී) සිටින්නකු යැයි රුවන්වැල්ල පොලිසිය පැවැසීය.

රුවන්වැල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක  ඒදීරිසූරිය මහතාට ලැබුණු ඔත්තුවක් අනුව රුවන්වැල්ල අටලුගම ප්‍රදේශයේ හෝටලයක් අසල රැඳී සිටි හදයා නැමැති පුද්ගලයා  අල්ලා ගෙන පරීක්ෂා කර බැලීමට උත්සාහ කළ අවස්ථාවේ අතක ඇඟිල්ලක් සපා කා  පලාගොස් ඇතැයි කීය.