
(ගයාන් සූරියආරච්චි,බිමල් ශ්‍යාමන් ජයසිංහ
ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජු බුද්ධ ශාසනයට පූජා කළ බව කියන අඩි 3 ක් පමණ උස පස්ලෝහමය බුද්ධ ප්‍රතිමාවක් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට විදේශිකයකුට විකිණීමට සූදානම්වූ යකැදුරෙක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් විසින් ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට, දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව පොලිස් සැරයන් 428 ජයලාල් සහ කොස්තාපල් 91287 සංජීව යන මහත්වරු සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගත්හ.
රන්, රිදී, පිත්තල, තඹ සහ සුදු යකඩවලින් මෙම බුදුපිළිමය නිර්මාණය කර ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජසිංහ රජු සසුනට පුජා කළ මෙම වටිනා දුර්ලභ බුදු පිලිමට හොරකම් කර විකුණා බඩ වඩා ගැනීමට සුදානම් වූ මේ හොර කට්ටඩියාට රාජසිංහ රජු කාලේ දී පැවති දඬුවම් ලබා දිය යුතු වෙනවා....
එහෙනම් ඒක දෙල්ගමුව විහාරස්ථානයට පූජා කරපු එකක් වෙන්න පුළුවන්
ලබන ඡන්දේට පොහොට්ටුවෙන් ඉල්ලන්න පුළුවන් මූට.... වැඩි මනාපෙන් පාර්ලිමේන්තුවට යාවි...